ලං.වි.ම. කාර්යාල සේවකයෝ මාරාන්තික උපවාසයකට සූදානම්

2016-05-08 ceb

ඉල්ලීම් සඳහා විසඳුම් නොදෙන්නේ නම් මාරාන්තික උපවාසයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යාල කාර්ය සේවක ස්වාධීන සංගමය ලංකා විදුලිබල මණ්ඩල පරිපාලනයට දන්වයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ‘මෑන්පවර්‘ සේවකයන් ලිපිකරු තනතුරට අන්තර්ග්‍රහණය කිරීමේදී බඳවා ගැනීම් පටිපාටිය උල්ලංඝනය කර ඇති හෙයින් ලිපිකරු හා සමාන්තර ශ්‍රේණි තනතුරට ඉල්ලුම් කර ඇති කාර්යාල කාර්ය සේවකයන්ද බඳවා ගන්නා ලෙස කමන් කළ ඉල්ලීම නොසළකා හැර ඇති බව ඔවුහු චෝදනා කරති. බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් මෑන් පවර් සේවකයන් 1050 ලිපිකරු හා සමාන්තර ශ්‍රේණි සඳහා අන්තර්ග්‍රහණය කර ඇති පසුබිමක කාර්යාල කාර්ය සේවකයන් 98 දෙනා අන්තර්ග්‍රහණය කිරීමට නොහැකි ඇයිදැයි ඔවුහු විමසති. ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් කාර්යාල කාර්ය සේවක ස්වාධීන සංගමය විසින් පසුගිය 19 වැනිදා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ උපවාසය ආරම්භ කරන ලදී. අද දක්වාත් (25) සිය ඉල්ලීම් සම්බන්ධව කිසිවක් නොකළ ආයතන බලධාරින් තර්ජනය කිරීමට පටන්ගෙන ඇති බව බ කාර්යාල කාර්ය සේවක ස්වාධීන සංගමය පවසයි.

Leave a Reply