යේමයේ පවතින යුද ගැටුම්වලට මදිහත්ව සිටින සවුදි අරාබි ගුවන් හමුදා විසින් එල්ලකරන ලද ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් එරට බන්ධනාගාර ගතව සිටි විශාල පිරිසක් මියගොස් අතැයි වාර්තාවේ.
බන්ධනාගාරය පිහිටි ප්‍රදේශය පාලනය කරනු ලබන්නේ සියා මුස්ලිම්වරුන් වන හුතී කණ්ඩායම විසිනි. හුතී කැරලිකරුවන්ට එරෙහිව සවුදි අරාබිය විසින් 2015 වසරේ සිට ප්‍රහාර එල්ලකරනු ලබයි.
2014 වසරේ සිට යේමයේ යුද ගැටුම් උත්සන්නව පවතී. ඉරාන හිතවාදී හුතී කැරලිකරුවන් හා යේමයේ බලය හෙඹවූ ජනාධිපති හාඩිගේ ආණ්ඩුව 2014 වසරේදී පළවා හරිනු ලැබිනි.
2014 වසරේදී පළවා හැරීමෙන් පසුව යේමන දකුණු ප්‍රදේශයේ ඒඩන් නගරය මුල් කරගෙන හිටපු ජනාධිපතිවරයා සවුදි අරාබියේ සහාය ලබාගෙන සිය ආණ්ඩුව පවත්වාගෙන යයි.