සම්මානලාභී මාධ්‍යවේදීන් ජාවියර් වෙල්ඩාස් පසුගිය දින ඝාතනය කිරීමට විරෝධය පළකරමින් මෙක්සිකානු මාධ්‍යවේදීන් උදඝෝෂණ ව්‍යාපාරයක් අරඹා ඇත.
ජාවියර් වෙල්ඩාස් සිය මාධ්‍යවේදීන් දිවිය එරට මත්ද්‍රව්‍ය ජාවාරම ගැන ගවේෂණාත්මක මාධ්‍යභාවිතාවක යෙදවීය. මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඔහුට තර්ජනාත්ම බලපෑම් එල්ලකර තිබුනි.
නමුත් පසුගිය සදුදා සිනාලෝආ නගරයේදී ඔහුට වෙඩිතබා ඝාතනය කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමත්විය. මෙම ඝාතනයත් සමග මෙක්සිකානු මාධ්‍යවේදීන් සිය රැකියාව ආරක්ෂාකාරීව කරගෙන යෑමට නොහැකි තත්වයක් දක්වා පත්ව ඇති බවත් සිය රැකියාවේ ආරක්ෂිත බව තහවුරු කිරීම සදහා රජය වහාම මැදිහත් විය යුතු බවට උද්ඝෝෂණ වයාපාරයක් ආරම්භ කර ඇත.
උද්ඝෝෂණකයින් විසින් ඔවුන් “අපව ඝාතනය කරයි, අපට නිහඩව සිටිය නොහැක“ යනුවෙන් සටන්පාඨ භාවිතාකරමින් නගර ගණනාවක උද්ඝෝෂණ පවත්වා ඇත.
ගෙවුනු අවුුරුද්ද ඇතුලත පමණක් එරට මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ඝාතනය කර ඇති අතර එම ඝාතන පිළිබදව නිසි පරීක්ෂණ පවත්වා ඊට සම්බන්ධ අපරාධකරුවන්ට දඩුවම් ලබාදීමට මෙක්සිකානු ආණ්ඩුව අසමත්ව ඇති බවට චෝදනා කරමින් උද්ඝෝෂණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.