මීගමුව රෝගලේ පිහිටි සත්මහල් ගොඩනැගිල්ල බිදවැටීමට ආසන්න බැවින් එහි සිටි රෝගීන් වහාම ඉවත්කර ඇත.
මෙම ගොඩනැගිල්ලේ පවත්වා ගාන ගිය හදිසි ප‍්‍රතිකාර ඒකකය, මානසික වෛද්‍ය සායන, හා රෝගීන් ලියාපදිංචිය හා තවත් අංශ කිහිපයකටම අයත් අංශයන් මෙම ගොඩනැගිල්ලෙන් ඉවත්කිරීමට පියවරගෙන ඇත.
සෙෘඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයකින් මේ බව වාර්තාවේ.
මීට වසර 15කට පෙර මීගමුව රෝහලේ රෝහලට අව්‍යශ ප‍්‍රධාන ගොඩනැගිල්ලක අවශ්‍යතාවය වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත.
නමුත් එවකට පැවැති දේශපාලන හිතවත්කම් මත මෙහි ඉදිදකිරීම් සදහා යොදාගත් කොන්තරාත් කරුවන් විසින් මෙම ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියට ඉදිකර නොමැත.
මේ හේතුවෙන් අවස්ථා කිහිපයකදීම විවිධ මාධ්‍ය විසින් මෙහි ඇති අනතුර පෙනවාදී තිබුණත් එයට අවශ්‍ය මැදිගත්වීම පමාකරන ලදී.
කෙසේ වෙතත් දිගින් දිගටම එල්ලකරන ලද විවේචන හේතුවෙන් මෙහි තත්ව පරීක්ෂාවක් මොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි පිළිබදව පර්යේෂන අංශය විසින් කරනු ලැබූ තත්ව පරීක්ෂාවකින් පසුව වහාම මෙම ගොඩනැගිල්ලෙන් රෝහලේ කටයුතු ඉවත් කරන ලෙස දන්වා ඇත.
ඉන් පසුව ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම තිරණය ගෙන ඇත. මෙම තත්වය නිසා මීගමුව රෝගල් පරිශ‍්‍රයතුල මහත් ව්‍යාකූල තතවයක් ඇතිවී තිබෙන බව වාර්තාවෙ.
