මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට ඔහු විසින් ලියන කරුණු සම්බන්ධ කරමින් මරණීය තර්ජනයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
“ලියලා බලපන්, මැරෙන්න බලාගෙන ලියපන්” යනුවෙන් තමාට 011 2505922, දරන දුරකතන දුරකථනය ඔස්සේ මරණ තර්ජනයක් එල්ල කළ ඔහු පවසයි. ඉන්පසුව පිලිබදව පිලියන්දල පොලීසියේ අපරාධ අංශයේ අංක c 3 70/354 යටතේ වෙත පැමිණිලි කර ඇත. පසුගිය දිනවල පාඨලී චම්පික රණවක ඇමතිවරයා සම්බන්ධයෙන් සිදුකළ හෙලිදරවුවක් හේතුවෙන් තමාට මෙලෙස තර්ජන එල්ල වන බව ශාන්ත විජේසූරිය මාධ්‍යවේදියා ‘ලංකාවීව්ස්‘ වෙත පැවසීය.
පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමය තුළදී පැවැති මර්දනකාරිත්වයට, වංචා දූෂණ හා දේශපාලන බලය අවභාවිතයට එරෙහිව පෑන හැසිරවූවකු ලෙස ශාන්ත විජේසූරිය එම පාලනයේ දඩයමට ඉලක්ක විය. වරින්වර එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් විදේශගතව සිටි මාධ්‍යවේදී විජේසූරිය නැවත ලංකාවට පැමිණියේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුවය. එයින් පසු නිදහස් මාධ්‍යවේදියකු ලෙස සේවය කරන ඔහුට මෑතකදී තර්ජන එල්ල වූ පළමු අවස්ථාව මෙයයි.