පොලිසියේ ලිංගික හිරිහැර ඉවසන්න බෑ – පොලිස් කාන්තාවෝ පැමිනිලි කරති

police-women

පොලිස් නිලධාරිනියන්ට, ‍පොලිස් ස්ථාන තුළදී මුහුණ දෙන්නට අනේකවිධ හිරිහැර අතර බරපතළ ලෙසම සිදුවන්නේ ලිංගික හිංසනයන් බව පොලිස් කොමිසමේ ‍ලේකම් ආරියදාස කුරේ හෙළිකරයි.

පොලිසියේ සාමාන්‍ය කොස්තාපල්වරියන්ගේ සිට උසස් නිලධාරිනියන්ට පවා ඉහළ නිලධාරීන්ගෙන් සිදුවන ලිංගික හිරිහැර අපමණ බව පොලිස් කොමිසමේ ‍ලේකම්වරයා මෙසේ පිලිගෙන ඇත්තේ ජාතික ‍පොලිස් කොමිසම පිහිටුවා වසරක් ගෙවී යන දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

බාහිර සමාජයට එතරම් හෙළිදරව් නොවූ එහෙත් ‍පොලීසියේ ප්‍රසිද්ධ මේ ලිංගික හිංසනයන් ගැන ප්‍රසිද්ධියේ හෙළිදරව් කරමින් ජාතික ‍පොලිස් කොමිසමේ ‍ලේකම්වරයා මෙසේ හෙළිදරව්වක් කරන්නේ ‍පොලීසිය තුළ නිලධාරිනියන්ට සිදුවන ලිංගික හිරිහැර ඇතුළු ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කාන්තා නිලධාරිනියන් ලබාදුන් වාර්තා අනුවය. දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි එක් පළාතකට සහකාර ‍පොලිස් අධිකාරිනියක් වශයෙන් සහකාර ‍පොලිස් අධිකාරීවරියන් 09 දෙනෙකු පත්කර ඇති බව ඔහු පවසයි. මෙම ක්‍රමය නිසා පිරිමි නිලධාරියකු හමුවී හෙළිකරන්නට නොහැකි පීඩාකාරී තත්වයන් පවා නිලධාරිනියන්ට ප්‍රකාශ කරන්නට දැන් අවස්ථාව ලැබි ඇති බව ආරියදාස කුරේ කියයි.

Leave a Reply