පොලිස් නිලධාරීන්ගෙන් වුණේ අඩුපාඩුවක් – පොලිස්පති මැසිවිලි කියයි

puujith-jaysundara

පොලිස් වෙඩි ප්‍රහාරයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ඝාතනයට ලක්වීමේ සිද්ධියේදී පොලිස් නිලධාරීන්ගෙන් අඩුපාඩුවක් සිදුව ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර කියයි.

එතැනදී මංකොල්ලකෑමක්, සංවිධානාත්මක ප්‍රහාරයක් නොවන නිසා එය ජීවිත තර්ජන අවස්ථාවක් විය නොහැකි බවත් ඒ නිසා එසේ වෙඩිතැබීමට තරම් හේතු තිබුණේද යන්න තමන්ට ගැටළු සහගත බව පොලිස්පති පවසා ඇත්තේ 150වන පොලිස් දින සංවත්සරය වෙනුවෙන් අනුරාධපුරයේ අද(25)පැවති උත්සවයකදීය.

පොලීසියට නොනවත්වා ධාවනය කරන රියකට වෙඩිතැබීමට කිසිදු බලයක් නැති බවට පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ විසින් කළ ප්‍රකාශය කළ බැවින් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ එය ලේකම්වරයාගේ පුද්ගලික අදහසක් විය හැකි නමුත් පොලීසියට මෙවන් අවස්ථාවකදී අවම බලය හා අවශ්‍ය බලය ක්‍රියාවට නැංවිය හැකි බවයි.

Leave a Reply