දූෂිතයන්ට එරෙහි සටනේ ශුද්ධ වූ අයිතිය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට බැවින් ජනතා විමුක්ති පෙරමුණට බලය ලබාදීම හෝ නොදීම ගැන ජනතාව තීරණය කළ යුතු බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.
‘දේශය‘ පුවත්පතට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත. වැඩිදුරටත් අදහස් පළකරමින් ඔහු මෙසේ පවසා ඇත.
“දූෂිත වළල්ල තමයි පාලකයන් සහ පාලනය ආරක්ෂා කරන්නේ. මාධ්‍ය බලය උපයෝගී කරගන්නවා. මැතිවරණවලට සල්ලි පොම්ප කරනවා. දූෂිතයන් වෙනුවට ජනතාව රැකගන්න පාලනයක් ගොඩනැගීය යුතුයි. ඒ නිසා දූෂණ විරෝධී සටන ශක්තිමත් කළ යුතුයි…
අපි බලය ලබා ගැනීමට සූදානම් ව්‍යාපාරයක් හදනවා. ජනතාවට තීරණය කරන්න පුළුවන් ඒ ව්‍යාපාරයට බලය දෙනවද නැත්නම් වෙන කාටහරි දෙනවද කියලා. ඒ වෙනුවෙන් අපි එයට අත තියලා තිබෙනවා. මේ සටන වෙනුවෙන් සියලු දෙනාට කාර්යභාරයක් තිබෙනවා. සියලු දෙනාටම ඒ වෙනුවෙන් එකතු වෙන්න කියලා ආරාධනය කරනවා.”