ඊයේ පැවැති නිකරගුවාවේ ජනාධිපතිවරණයෙන් ඩැනියෙල් ඔටේගා ජය ගන්නා බව එරටින් ලැබෙන වාර්තා පෙන්වා දේ.
නිකරගුවාවේ හිටපු ඒකාධිපති සෝමෝස පාලනය පෙරළා දමා සැන්ඩනිස්ටා ව්‍යාපාරයට නායතක්වය දෙමින් ඩැනියෙල් ඔටේගා 1979 වසරේදී එරට පාලන බලය ලබාගෙන වසර ගණනාවක් එරට ජනාධිපති ලෙස කටයුතු කරයි. මෙවර ඔහු ජනාධිපතරවරණයට එන්නේ තෙවන වරටය.
මේ වනවිට ඡන්ද මධ්‍යස්ථාන වලින් සියයට 21ක් ඡන්දය ගණන්කර ඇති අතර එම ගණන් කළ ඡන්ද වලින් සියයට 71කට වැඩි ප්‍රථිශතයක් ලබාගැනීමට ඔටේගා සමත්ව ඇතැයි වාර්තාවේ.
ඊයේ පැවැති එරට ජනාධිපතිවරණයේ ඡන්ද ගණන්කිරීමේ කටයුතු මේවන විටද අවසන්ව නැත. මේ දක්වා ගණන් කර ඇති සියයට 22කට ආසන්න ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රථිඵල අනුව ඔටේගාට සියයට 70ව ඉක්මවා ඡන්දය ලබා ඇතැයි වාර්තාවේ.