ඊජිප්තුවේ වෙඩි තැබීමකින් කිතුනු බැතිමතුන් 28 මියයයි

ඊජිප්තුවේ කි‍්‍රස්තියානි භක්තිකයින් ගමන් ගත් බස් රථ පෙළකට එල්ල් කළ ප‍්‍රහාරයකින් එම බැතිමතුන් 28 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ. මියගිය පිරිස අතර කුඩා ළමයින්ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩි තැබීම සහා එරට අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් සිටින බව ඊජිප්තුවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත.

මෙම ප‍්‍රහාරයෙන් පසුව ඊජිප්තු ආරක්ෂක අංශ විසින් ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට අයත් බවට සැක කෙරෙන ස්ථාන කිහිපයකට ගුවනින් බෝම්බ දමා ඇත.

වසර කිහිපයකි සිට ඊජිප්තුව තුල නොසන්සුනකාරී් තත්වයක් උද්ගතව තිබේ. මෙම තත්වය වඩාත්ම උත්සන්නව ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා විසින් සිය බලතල වැඩිකරමින් විරුද්ධ පක්ෂ හා සිය ප‍්‍රතිවාදීන්ට එරෙහිව දැඩි මර්දනයක් මුදාහරිමින් සිටින තත්වකය.

Leave a Reply