ඊයේ රාත්‍රී ඉන්දියාවේ බෝපාල් බන්ධනාගාරයෙන් සැකකරුවන් 08 දෙනෙකු පළාගොස් ඇතැයි වාර්තාවේ. එසේ පළායාමට පෙර එහි රාජකාරියේ නියුතු නියාමකවරයෙකුද ඔවුන් විසින් මරා දමා ඇත.
බෝපාල් බන්ධනාගාරයේ මෙසේ රදවා සිටියේ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයකට අයත් සැකකරුවන් පිරිසකි. මොවුන් 2003 වසරේ බොම්බායේ සිදුවූ බෝම්බ පිපිරීමට අදාලව අත්අඩංගුවට ගෙන රදවා ගෙන සිටි අය බව වාර්තාවේ.
මෙසේ පළාගිය රැදවියන්ට ලබාදී තිබූ බෙඩ්සීට් කිහිපයක් උපයෝගීකරගෙන බන්ධනාගාරයේ ඉහළ මහළෙන් බැසීමට ඒවා යොදාගෙන තිබෙන බව පසුව අනාවරණය කරගෙන ඇත.