ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීර් ප්‍රදේශයේ පසුගිය සිකුරාදා සිට ආරම්භ කරන ලද මෙහෙයුමකදී කාශ්මීර් සන්නද්ධ නායකයකු ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හිස්බුල් මුජහදීන් සන්නද්ධ ඛණ්ඩායමට අයත් වන මෙම සබ්සාර් බට් නැමැති කාශ්මීර් නායකයා ඝාතනය කිරීමට සිය මෙහෙයුමේදී හැකිවූ බව ඉන්දීය පොලීසිය වාර්තා කර ඇත.
මෙම ප්‍රහාරයන්ට එරෙහිව ඉන්දීය පාලනය යටතේ වන කාශ්මීර් ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ දැඩි විරෝධය එල්ලවී ඇති බව වාර්තාවේ. නිරායුධ සාමාන්‍ය වැසියන් මෙම වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන විවිධ වධ හිංසා පමණුවන බව මානව හිමිකම් සංවිධාන ඉන්දියාවට චෝදනා එල්ල කර ඇතැයිද වාර්තාවේ.
දැනට ඉන්දීය පාලනය යටතේ පාලනය වන කාෂ්මීර් ප්‍ර දේශ්‍ය ඉන්දියාවෙන් නිදහස් කර ගැනීමේ අරමුණෙන් මෙම සන්නද්ධ කණ්ඩායම් සටන්වදී ඉන්දියාව පවසන්නේ පාකිස්ථානය විසින් මෙම කණ්ඩායම්වලට ආධාර හා අනුබල ලබා දෙන බවයි.