ඉතාලි සංක්‍රමනික සේවක සෙවිකාවන්ට ජයක්!

airplane-fly

ඉතාලියට සංක්‍රමනිකයන් ලෙස ඇතුළුවන විදේශ ශ්‍රමිකයන්ට හමිවන රැකියා අවසර පත්‍රය සදහා අධික බදු මුදල අවලංගු කිරිමට එරට අධිකරණ තින්දුවක් ලබාදී ඇත.

ඉතාලිය විදේශ කම්කරුවන්ගේ රැඳී සිටීමේ බලපත‍්‍ර නිකුත් කිරීමේදී සහ කාලය දීර්ග කිරීමේදී යුරෝ 80– 200 දක්වා බදු මුදලක් අයකරන ලදී. එහෙත් කම්කරුවන්ගෙන් එසේ බදු අයකිරීම යුරෝපා සංගමයේ එකඟතාවන්ට පටහැනිය. ඒ නිසා යුරෝපා එකඟතාවයන් උල්ලංගණය කරන විට ඒ වෙනුවෙන් දඩ මුදලක් ගෙවිය යුතුය. එහෙත් දඩය නිසා බදු අයකිරීම නවතා දැමුවේ නැත්තේ යුරෝපා සංගමයට දඩ ගෙවීම වාසිදායක නිසාය. විදේශික කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බොහෝ සංවිධාන මෙයට එරෙහිවූවද නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට හැකි සංවිධාන එසේ නොකළේ ආණ්ඩුව සමග ඇති එකඟතාවයන් නිසාය. එහෙත් මේ වන විට ආණ්ඩු පක්ෂයේම වාම කොටස් විසින් එවැනි ආණ්ඩුවේ දක්ෂිණාංශික ක‍්‍රියාමාර්ග අභියෝගයට ලක් කර ඇත. ඔක්තෝබර් 26 දින ඊට අදාල අවසන් තීන්දුව ප‍්‍රකාෂයට පත්කල අතර ආණ්ඩුව පරාජයට පත්කරමින් විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටි පාර්ෂවයන්ට ජය හිමිවිය. ඒ අනුව මෙය සියලූ විදේශිකයින්ගේ ජයග‍්‍රහණයකි. අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අද වන විට සියලූ ක්වෙස්තූර ආයතන(පොලිසිය) වෙත මේ බව දැනුම් දී තිබේ.

ඉන්කා/සී.ජී.අයි.එල් සහ විදේශිකයින් වෙනුවෙන් පෙනී සිටින නීතිමය සංවිධානයක් එක්ව පසුගිය මැයි මාසයේදී ආණ්ඩුවේ එම ක‍්‍රියාවළියට එරෙහිව නඩු පැවරීය. එහිදී අවසන් තීරණයක් ලබා දෙන තුරු විදේශ ශ්‍රමිකවන්ගෙන් බදු අයකිරීම තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය විසින් නියෝග කරණ ලදී. ඒ අනුව විදේශික ශ්‍රමිකයන්ට ගෙවීමට සිදුවූ මුලු මුදල යුරෝ 76 ශත 46කි. එහෙත් පසුගිය සැප්තැම්බර් මැදදී ආණ්ඩුව පාර්ෂවයෙන්ම මෙම අයකිරීම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස අවසන් තීන්දුව ප‍්‍රකාෂයට පත්කරන තුරු පැරනි මුදලම අයකිරීමට නියෝග කෙරිණි.

මෑතකදී ආණ්ඩුබලයේ සිටින සංධානයේ ප‍්‍රධාන පක්ෂය වන පී.ඩි හි (ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය/කලින් වාම ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්) ඇතිවූ අභ්‍යන්තර ගැටුම හේතුවෙන් ආණ්ඩු පක්ෂය වාම හා දක්ෂිණාංශික ලෙස දෙකොටසකට වෙන්විය. වර්තමාන අගමැති පී.ඩි නායක දක්ෂිණාංශික රෙන්සි එරෙහිව වාම කණ්ඩායමේ වෘත්තිය සමිති මෙම පියවර ගනු ලැබීමෙන් මෙම ජයග්රහණය විදේශික ශ්රමිකයන්ට හිමි විය.

එහෙත් පසුගිය මැයි මාසෙන් පසුව ආණ්ඩුවේ මැදිහත්වීමෙන් නැවත අයකරගන්නා ලද බදු මුදල ආපසු අදාල අයට ගෙවන්නේද යන්න තවමත් පැහැදිලි නැත. කෙසේවෙතත් සිදුකළ අයකිරිම් නිසා ආණ්ඩුවට එරෙහිව වන්දි නඩු රාශියකට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවිය හැකියැයි අපේක්ෂා කෙරේ.

 

Leave a Reply