‘අවා‘ කණ්ඩායම වැනි හිරිහැරදායක කටයුතු මෙහෙයවන්නේ ආරක්ෂක අංශ බවට කෙරෙන චෝදනා කාලයක් තිස්සේ උතුරේ ජනතාවගේ අත්දැකීම්වලින්ම මතුවූ ඒවා බැවින් ඒ නිසාම ඒවා ලෙහෙසියෙන් බැහැර කරන්නට නොහැකි බවද විපක්ෂ නායක සම්බන්ධන් පවසයි. ඔහු මේ අදහස පළ කලේ යාපනයේදී ජනමාධ්‍යෙව්දීන් විමසා සිටි ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමිනි.
පසුගියදා රාජිත සේනාරත්න ඇමැති විසින් මෙම ‘අවා“ කල්ලිය යුද හමුදාවේ නිලධාරියකුගේ මූලිකත්වයෙන් ආරම්බ කළ බවට සිදුකළ ප්‍රකාශය ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත් ඇමති රාජිත යළිත් තම අදහස යළි සනාථ කර ඇත.
මේ අතර ඊයේ (05දා) ‘ආවා’ කල්ලියේ බවට සැකකරන පුද්ගලයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි. ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව අද (06දා) දින යාපනයේ චුන්නාකම්හි තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.