“අපට රහස් නෑ – මාධ්‍ය මවන්නෙ වැරදි චිත්‍රයක්” – චීන තානාපති කියයි

yi-xianliang

චීනයට ලංකාවේ රහසිගත න්‍යායපත්‍ර නැතැයි ද ලංකාවේ ජනමාධ්‍ය චීනය ගැන වැරදි චිත්‍රයක් මවන බවද ලංකාවේ චීන තානාපති යී ක්සියැන්ලියැන්ග් පවසයි.

පසුගිය නොවැම්බර් 1 වැනිදා මෙරට ජනමාධ්‍යවේදීන් පිරිසක් කැදවා කළ සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව සදහන් කර තිබේ. තමන් විසින් මුදල් ඇමැතිවරයා සමග ඒ පිලිබද කතා කළ බවත් ණය පොලී අධික නම් මින්පසු චීනයෙන් ණය ඉල්ලා නොසිටින ලෙස පැවසූ බවත් චීන තානාපතිවරයා විසින් චීන තානාපති කාර්යාලයේ පැවැති ජනමාධ්‍යෙව්දී හමුවේ පවසා ඇත. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ප්‍රමාද කිරීම නිසා ඩොලර් මිලියන 140ක පාඩුවක් චීන සමාගමට දරන්නට සිදුව ඇති බවද එසේ වුවද ඇතැමුන් චීනය පිළිබද වැරදි චිත්‍රයක් මවන්නට උත්සාහ කරන බවද ඔහු පවසා තිබේ.

මේ අතර චීනය ණය පොලිය අධික බවට මුදල් ඇමති රවි කරුනානානයක කළ ප්‍රකාශය සහ ශ්‍රී ලංකාවේ  චීන තානාපති ෂි ෂියෑන්ග් ලියෑන්ග් ඊට දුන් ප්‍රතිචාරය නිසා චීන ලංකා සබදතා පිළිබද අවධානය යොමුකළ යුතුව ඇතැයි ආණ්ඩුව තීරණය කර ඇත.

මුදල් ඇමතිවරයා විසින් ඔක්තෝබර් 1වැනිදා පැවති මාධ්‍ය හමුවකදී චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදල් වල පොලී අනුපාතය මිළ අධික බව ප‍්‍රකාශ කර තිබිනි.  ඉන් දින දෙකකට පසුව චීන තානාපතිවරයා ද කොළඹ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඊට පිළිතුරු වශයෙන් චීනයේ ණය පොළි අනුපාතය වැඩිනම් තවදුරටත් ශ්‍රී ලංකාව චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ ඇයිදැයි ප්‍රශ්න කර තිබිණි. චීන තානාපතිවරයා කළ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදීන් පිරිසක් මුදල් ඇමතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන් ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා මිසක් චීනයේ මුදල් ඇමතිවරයා නොවන බවය.

මේ නිසා විදේශ ඇමැතිවරයා හා චීන තානාපති කල ප්‍රකාශ හේතුවෙන් දෙරට අතර රාජයතාන්ත්‍රික අර්බුදයක් ඇති නොවන්නට කටයුතු කළ යුතු බව විදේශ අමාත්‍යංශ නිලධාරින්ගේ අදහස විය. ඇතිවූ මෙම තත්ත්වයත් සමඟ මුදල් ඇමතිවරයා ද චීන තානාපතිවරයා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයාට පැමිණිල්ලක් කර ඇතැයි එම අමාත්‍යංශ ආරංචි කියයි. ඒ අනුව, විදේශ ඇමති විදේශ ඇමති මංගල සමරවීර සහ චීන තානාපතිවරයා අතර විශේෂ හමුවක් මේ සතියේදී පැවැත්වෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි පවසයි. මුදල් ඇමතිවරයා සහ චීන තානාපතිවරයා විසින් කළ ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්වේ.

Leave a Reply