தமிழ்
English
Contact
Tuesday 14th November 2017    
අමරදේව ගාන්ධර්වයාණන් නිහඩවම නික්ම යයි! « Lanka Views | Views of the truth

අමරදේව ගාන්ධර්වයාණන් නිහඩවම නික්ම යයි!



ඊයේ රාත්‍රීයේ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කළ සංගීතවේදී පණ්ඩිත් WD අමරදේව අභාවයට පත්වූ බව වාර්තා වේ.

ආදාහන කමිටුවේ සභාපති මහාචාර්ය සුනිල් ආරියරත්න ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ අමරදේව දේහය කොළඹ නිදහස් චතුරස්‍රයේ දී 5වැනි  සෙනසුරාදා පස්වරු 6.00 ට ආදාහනය කරන බවයි. දේහය වෛද්‍ය විද්‍යාලයයට බාරදීමට කල්තියා පැවැති තීරණය වෙනස් කරමින් 4වැනිදා පෙරවරු 9.00 ට කොළඹ ජයරත්න මල් ශාලාවේ සිට පෙරහරින් කොළඹ නිදහස් චතුරස්‍රයට රැගෙන යනු ඇත. එම අවමංගල පෙරහරට සහභාගී වන ලෙස අමරදේව සහෘදයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

මේ අතර, අමරදේව සංගීතවෙිද්යාගේ ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරිමට සූදානම් කෙරෙන බවත් සිකුරාදා පෙරවරු 10 සිට පසුදා  පස්වරු 3.30 දක්වා  නිදහස් චතුරස්‍රයේ දී දේහයට අවසන් බුහුමන් දැක්වීමට  හැකි බවත් ආදාහන කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පවසයි. සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත්වලින් පසුව දේහය ආදාහනය කිරිමට නියමිතය.

සංගීතවේදී අමරදේව මිය යන විට 88 වන වියේ පසුවිය.




Related News