අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි අයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය පවසයි. ඔහු ඝාතන චෝදනාවකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බවත් ඔහුගේ ඇඳුම්වලින් ගෙල වැල ලා ගෙන ඇති බවත් ඔහු පවසයි. ඔහු මරදන්කඩවල පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.