වැට් බද්ද මහපාරෙදි පරද්දනවා – ජ.වි.පෙ.

jvp_vat_piket1

පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත කළ වැට් බද්ද මහපාරේදී පරාජය කිරීමට මැදිහත්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

වැට් බද්දට විරෝධය පළ කරමින් අද (26)ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු වට රවුම අසල උද්ඝෝෂණයක නිරත වෙමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත අවධාරණය කළේ පාර්ලිමේන්තුවේදී එය සම්මත කළොත් එය මහපාරේදී පරදවන බවයි. එසේම පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන වැට් බද්ද සම්මත කිරීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින්ට ඔහු බලකර සිටියේය. ජනතාවගෙන් බදු මුදල් අය කරගෙන ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් වියදම් ඉහල දමාගැනීමට සැරසෙන බව ජවිපෙ ප්‍රධාන ලේකම් විල්වින් සිල්වා එහිදී  චෝදනා කළේය.

jvp_vat_piket

Leave a Reply