රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලීම් ඉටුකරන ලෙස බලකරමින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් කැදවූ උද්ඝෝෂණයක් ඊයේ (2) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා දෙන වැඩපිළිවෙළක් සැකසීම, බඳවා ගන්නා වයස් සීමාව අවුරුදු 45 දක්වා වැඩිකිරීම, සියලු පළාත්වල සිටින ගුරු විභාග සමතුන්ට පත්වීම් ලබාගැනීම, රැකියා දීමට අදාළව දේශපාලන මැදිහත්වීම නතර කිරීම, වාර්ෂිකව රැකියා දෙන ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ආදී ඉල්ලීම් එහිදී ඉදිරිපත් කරණ ලදී.
දැනට රටපුරා 30000කට ආසන්න උපාධිධාරී තරුණ තරුනියන් පිරිසක් රැකියා විරහිතව සිටින අතර ගුරු පුරප්පාඩු 32000ක් හා තොරතුරු නිලධාරී තනතුරු 8000ක් ද සංවර්ධන නිලධාරී පුරප්පාඩු 10000කට ආසන්න ප්‍රමාණයක් ද පවතී. මේ පුරප්පාඩු උපාදිදාරින්ගෙන් පියැවීම කළ හැකි නිසා 2017 අයවැයෙන් ඊට සඳහා මුදල් වෙන්කර දෙන ලෙසත් හවුල් ආණ්ඩුවට බලකරන බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ උද්ගෝෂනය අවසානයේ ජනමාධ්‍ය අමතමින් කීහ.


