පෞද්ගලික බස් රථ වර්ජනය නිසා කිසිදු පෞද්ගලික බස් රථයක් කොළඹ නගරයේ දක්නට නැති බව වාර්තා වේ.
මේ වනවිට කොළඹ පිටකොටුව බස් නැවතුමේ කිසිදු බස් රථයක්නැති අතර බස් නැවතුම සම්පූර්ණයෙන් අක්රිය වී ඇත. ගාලු පාර හයිලෙවල් පාර හා නුවර පාර වැනි කොළඹ නගරයට පිවිසෙන ප්රධාන මාර්ගවල ධාවනය වන්නේ ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ කාර්යාල සේවා සදහා සේවකයන් ගෙන යන බස් රථ පමණකි.
දිවයිනේ වෙනත් පුදේශවල තත්වය මීට වෙනස්ය. බොහෝ ප්රද්ශවල පෞද්ගලික බස් රථ ධාවනය ඇන හිට ඇති නමුත් ඇතැම් සිථානවලදී වර්ජනයේ නොයෙදී ධාවනය කරන පෞද්ගලික බස්රථවලට පහරදීම් සිදුව ඇත.


