කඩු පහර එල්ලකිරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම, ස්ත්රීන්ට එරෙහි අපරාධ මෙන්ම විවිධ ආකාරයෙන් සමාජ විරෝධී ක්‍රියා පසුපස කවුරුන් සිටීද යන්න දැනදැනත් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත නොහැකි තත්වයක් පවතින බව උතුරු පලාත් මහ ඇමැති විග්නේශ්වරන් පවසයි.
මුලතිව්හි මුල්ලියාවේලි මහා විද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකදී මහ ඇමතිවරයා මේ ආකාරයෙන් චෝදනා කළේ ආරක්ෂක අංශ විසින් දන්නා තොරතුරු අනුව අපරාධ කන්ඩායම්වලට එරෙහිව කටයුතු නොකිරීම ගැන සැක මතුකරමිනි. එහිදී මහ ඇමතිවරයා පළ කළ අදහස් මෙසේය.
“ආරක්ෂක වගකීම් අප අතට බාර දෙන්න. අපි ආවා කල්ලියත් සන්නා කල්ලියත් මුළුමනින්ම මර්දනය කර පෙන්වන්නම් යැයි හමුදාව අදහස් ප්‍රකාශ කරනවා. මෙම කල්ලි ගැන හමුදාව මුල සිටම දැන සිටි බවට අපට සැකයක් මතුවෙනවා. එසේ අවා කල්ලිය මර්දනය කරන්න හමුදාව කැමති නම් ඇයි ඔවුන් පොලිසිය හා එක්ව ඔවුන්ව අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට මූලිකත්වය ගන්නෙ නැත්තෙ? ආවා කල්ලියත් සන්නා කල්ලියත් හමුදාව විසින් හදුනාගත් කණ්ඩායම්. ඔවුන් මර්දනය කිරීමට හමුදාවට හැකියාවක් තිඛෙන බව කියන්නේ නම් එම කල්ලිවල සාමාජිකයින් සම්බන්ධයෙන් සියලු තොරතුරු හමුදාව ළඟ තිඛෙන බවයි සත්‍යය. උතුරු පළාතේ දෙමළ පොලිස් නිලධාරීන්ගේ විශාල අඩුවක් පවතිනවා. මේ නිසා උතුරේ තරුණයන් පොලිස් සේවය සදහා එක්කර ගන්නැයි මා පොලිස් දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. ‘
මේ අතර ඊයේ ජනමාධය හමුවකදී අදහස් දැක්වූ ආන්ඩුවේ කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ප්‍රකාහ කලේ උතුරේ ක්‍රියාත්මකවන කල්ලි හිටුප ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂගේ අනුදැනුම ඇතිව බිහි කල ඒවා බවයි.
“යුද්ධය අවසන් වූ පසු උතුරේ සන්නද්ධ කණ්ඩායම් මර්දනයට හිටපු ආරක්ෂක ලේකම්ගේ අනුදැනුම මත හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙකු මෙම ආවා කල්ලිය බිහි කළා. එම කල්ලියට ආයුධ දුන්නා. යතුරු පැදි දුන්නා. ඔවුන්ව පෝෂණය කළා.” අද එම ආවා කල්ලියම උතුරු පළාත නොසන්සුන් කිරීමට කටයුතු කරන බව රාජිත සේනාරත්න පැවැසීය.
අදටත් මෙම ආවා කල්ලිය මෙහෙයවනු ලබන්නේ එය බිහිකළ පිරිස් විසින් ම බවට චෝදනා කරමින් රාජිත සේනාරත්න තවදුරටත් ප්‍රකාශ කළේ ඔවුන්ගේ අරමුණ උතුරු පළාතේ කලබල ඇතිකර ආණ්ඩුව වැට්ටවීම බවයි.
.