සිංහල හා දෙමළ ලංකාවේ රාජ්‍ය භාෂා බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේගේ අවධානයට යොමු කරන්නට යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයට සිදුව ඇත.
උතුර පළාත් ආණ්ඩුකාරවරයා සිංහල භාෂාවෙන් තමන් වෙත යොමුකළ ලිපියක සඳහන් දෑ තමන්ට තේරුම් ගැනීමට නොහැකි යැයි සඳහන් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. රජීවන් විසින් එම ලිපිය ආපසු ආණ්ඩුකාර කාර්යාලයට යොමුකර තිබේ.
We could not understand what you are saying here. We are trying to say that Sri Lankan official languages are Sinhalese and Tamil (ඔබ සදහන් කරන දේ අපට තේරුම් ගත නොහැක. අප කියන්නේ දෙමළ හා සිංහල ලංකාවේ නිල භාෂාවන් ලෙස තිබෙන බවයි) යනුවෙන් ඔවුන් සටහනක් එක් කර තිබේ.
පසුගියදා යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සිංහල බසට පරවර්තනය කළ පෙත්සමක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට ලබාදී ඇත. එහිදී එම පෙත්සම පිළිබඳව වහාම අවධානය යොමුකරන්නැයි උතුරු ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී, එහි සිංහල පිටපතක් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයට ලබාදී ඇත. ආණ්ඩුකාර කාර්යාලය වෙත ලිපිය හරවා යවා ඇත්තේ එම ලිපියයි.