දුන් පොරොන්දු ඉටු කරන්නේ ද නැද්ද යන්න ගැන විමසිල්ලෙන් – මාදුළුවාවේ සෝභිත හිමි

sobitha himi

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ මරදාන ඞීන්ස් පාරේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ දී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ පැවසූහ.

රටට යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකිරීමට පත් කළ රජයට ඒ සඳහා පස් අවුරුදු කොන්ත‍්‍රාත්තුවක් දී පැත්තකට වී සිටින්නේ නැති බවත්, දුන් පොරොන්දු ඉටු කරන්නේ ද නැද්ද යන්න ගැන විමසිල්ලෙන් සිටිමින් කටයුතු කරන බවත්,

දුන් පොරොන්දු පරිදි දූෂණ වංචාවලට තිත තබා වැරදි කළ අයට දඬුවම් දීමේ වගකීමක් නව රජයට ඇතැයි කී උන්වහන්සේ එහෙත් පළිගැනීම සඳහා නීතිය භාවිතා නොකරන්නැයි නව රජයෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළහ.

මෙතෙක් කල් පැවති මැතිවරණවලදී පරාජයට පත් වන පාර්ශවය ලද ප‍්‍රතිඵලය සාමකාමීව භුක්ති විඳින ලෙස ඉල්ලා සිටීම සාම්ප‍්‍රදායිකව සිදු වුවත්, මෙවර එසේ සිදු නොවීම කණගාටුවක් බව ද උන්වහන්සේ පැවසූහ.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසුවේ තමන් ජනවාරි 8 වැනිදා ගත් තීන්දුව වැරදි එකක් නොවන බව ජනතාව මෙවර පෙන්වා දුන් බවයි.

ජනතාවට එදා වැරදුණු බව ඇතැමුන් කීවත් එසේ වරදක් නොවූ බව ඔවුන් නැවතත් පෙන්වා ඇතැයි මහාචාර්යවරයා කීවේය.

කථිකාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිද මෙම මධ්‍ය හමුව සදහා සහභාගිවිය.

Leave a Reply