මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යාමෙන් පළාත්සභා මන්ත්‍රීධුර පුරප්පාඩු වේ 

provincil

මෙවර මැතිවරණයෙන් ජය ලබා පළාත්සභා මන්ත්‍රීවරු ගණනාවක් පාර්ලිමේන්තුවට යාම නිසා පළාත් සභා මන්ත්‍රීධුර 55ක් පමණ පුරප්පාඩු වී ඇතැයි වාර්තා වේ.

මේ අතර පළාත්සභා මහා ඇමතිවරුන් මෙන්ම පළාත්සභා විපක්ෂ නායකවරුන්ද වේ. බස්නාහිර, වයඹ සහ ඌව පළාත්සභා වල මහ ඇමතිවරුන් පාර්ලිමේන්තු වරම් ලබා ඇත.

බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග, වයඹ  පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර සහ ඌව  පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මෙවර මැතිවරණය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නිසා එම තනතුරු වල පුරප්පාඩු ඇතිවී තිබේ.

වයඹ පළාත් සභාවේ සහ සබරගමුව පළාත් සභාවේ විපක්‍ෂ නායක ධුර මේ වනවිට පුරප්පාඩු වී තිබේ. වයඹ පළාත් සභාවේ විපක්‍ෂ නායකවරයා ලෙස මෙතෙක් කටයුතු කළ ජේ සී අලවතුවල  කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය.

සබරගමුව පළාත් සභාවේ විපක්‍ෂ නායක ධුරය මෙතෙක් හිමිව තිබු තුසිතා විජේමාන්න කෑගල්ල දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය.

උතුරු මැද පළාත් සභාවේ විපක්‍ෂ නායකවරයා වු සිඞ්නි ජයරත්න එක්සත් ජාතික පක්‍ෂයෙන් පොළොන්නරුව දිස්ති‍්‍රක්කයට තේරී පත්වීම නිසා උතුරු මැද පලාත්සභාවේද මධ්‍යම පළාත් සභාවේ විපක්‍ෂ නායක ධුරය දැරූ රංජිත් අලූවිහාරේ මාතලේ දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා මධ්‍යම පළාත් සභාවේද විපක්ෂ නායක ධුර පුරප්පාඩු වී තිබේ.

Leave a Reply