එක්සත් ජනපද සෙනෙට් මණ්ඩලයේ ඩිමොක්රටික් පක්ෂයේ ප්‍රධානියා වන හැරී රෙයිඩ් විසින් මෙම චෝදනාව එෆ්.බී.අයි. අධ්යක්ෂ ජේම්ස් කොමීට එරෙහිව එරට නීති කැඩූ බවට චෝදනවක් එල්ල කර ඇත.
පසුගිය කාලයේ සිට හිලරි ක්ලින්ටන්ට එරෙහිව ඇයගේ ඊමේල් පණ්වුඩ හෙළිදරව්වීමෙන් මහත් අකරතැබ්බයකට ඇය මුහුණදී සිටියාය.
ඩිමොක්රටික් සෙනෙට් නායක එෆ්. බී. අයි. අධ්යක්ෂ ජේම්ස් කොමීට චෝදනා නගන්නේ ජනාධිපතිවරණය ආසන්නයේ හිලරි ක්ලින්ටන්ට එරෙහිව ඇයගේ ඊමේල් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව ඒවා හෙළිදරව් කිරීම හේතුවෙන් තමා එෆ්.බී.අයි. ප්‍රධානියා එහි රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ක්‍රියා නොකිරීමෙන් එරට නීතිය කඩා ඇති බවයි.
සෙනෙට් මණ්ඩල ඩිමොක්රටික් ප්‍රධානියා පවසන්නේ මෙය නොකල යුතු දෙයක් බවත් එමගින් හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපතිවරණ ක්‍රියාවලියට සෘජුවම බලපෑම් එල්ලවිය හැකි බවයි.