ජනාධිපති මෛත්රීපාල සිරිසේන මීළඟ විදේශ සංචාරය ජපානයට යොදාගෙන තිබීම ඉන්දියාවේ අවධානයට පාත්රවී ඇතැයි පැවසේ.
නව ජනාධිපතිවරයා බලයට පත්වූ විගස ඉන්දියාවට හා එංගලන්තයට සංචාරයන් සූදානම් කළ අතර එක්සත් ජනපද රාජ්ය ලේකම් ජෝන් කෙරී ලංකාවේ සංචාරයකට පැමිණියේය.
ඉන්දියාව යුරෝපා රටවල් ඇතුළු අමෙරිකානු හිතවාදී අක්ෂය වෙත ආණ්ඩුව සමීප වෙමින් සිටින බවට බොහෝ දෙනා නිරික්ෂණය කළේ ඉන් අනතුරුවය.
ඒ අතර ජනාධිපතිවරයා චීනයටද ගියත් ඒ තුලනය රැුක ගැනීම සඳහා පමණි. ඔහුගේ මීළඟ සංචාරය ආසියානු කලාපය තුළ ප්රබල අමෙරිකානු හිතවාදී භූමිකාවක් නියෝජනය කරන ජපානයට යොදා ගෙන තිබීම මෙය තවදුරටත් තහවුරු කරයි.
ලෝක දේශපාලන ප්රතිවිරෝධතාවලදී ඉන්දියාව හා ජපානය එකම කඳවුරේ සිටියත් ආර්ථික බලවතකු වන ජපානය ශ්රී ලංකාවට සමීප වීම කෙරෙහි ඉන්දියාවේ කැමැත්තක් නැත. එබැවින් ඉන්දියාව දැඩි අවධානයෙන් සිටීමට තීරණය කර තිබෙන බව රාජ්යතාන්ත්රික ආරංචි මාර්ග පවසයි.