මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස ආණ්ඩුවට බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වයෙන් සියලුම සරසවි ශිෂ්‍ය සංගම් එක්ව අද දින ගමන්ගත් පාගමනට පාර්ලිමේන්තු වටරවුම අසල දී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම ප්රහාරයන් හේතුවෙන් ශිෂ්‍යයන් 6දෙනකු තුවාල හා ආබාධ හේතුවෙන් රෝහල්ගත කර තිබේ. අද පස්වරු 1.00ට පමණ කැලනිය විශ්ව විද්‍යාලයේ සිට ආරම්භ කළ මෙම පාගමනට එක්වූ සරසවි සිසුහු දහස් ගණනක් අධ්‍යාපන පෞද්ගලික කරණයට හා අයවැයෙන් අධ්‍යාපන ප්‍රතිපාදන කැපීමට එරෙහිව සටන් පාඨ කියමින් කොළඹ දෙසට ගමන්ගත්හ. ඉන්පසුව ඔවුහු ජයවර්ධනපුර මාර්ගයේ පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට ගමන් කළහ.
පස්වරු 4.00ට පමණ එම විරෝධතා පෙළපාළියට පොලිසිය විසින් ඇමෝනියා මිශ්‍රිත ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී. කදුලු වායු උණ්ඩ සිසුන් විසින් නැවත පොලිසිය දෙසට වීසි කරනු දක්නට ලැබිණි. මේවනවිට වාර්තාවන්නේ විරෝධතාවය අවසන් කර සිසුන් ඉවත්වෙමින් සිටින බවයි.



