தமிழ்
English
Contact
Sunday 27th August 2017    
කුමාර් ගුණරත්නම් නිදහස් – පුරවැසිභාවය පිළිබද අරගලය ඉදිරියට! « Lanka Views | Views of the truth

කුමාර් ගුණරත්නම් නිදහස් – පුරවැසිභාවය පිළිබද අරගලය ඉදිරියට!



පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අද දහවල් 12.00ට අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කෙරිනි.

ඔහු පසුගිය මාර්තු 31 වැනිදින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවක් මත ගෙවමින් සිටින සිර දඩුවම කාලය අවසන් වීමෙන් අනතුරුව අද දින නිදහස්ව පැමිණියේය.

ඔහු විසින් පුරවැසි අයිතිය පිළිගන්නා ලෙස කිහිප වරක්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයදුම් පත් ඉදිරිපත් කර ඇත. විශේෂයෙන්ම පුරවැසියකුව සිට විදේෙශගතවූවන් නැවත පැමින ආන්ඩුවේ විවිධ තනතුරු දරන කාලයක කුමාර් වෙත වෙනස් ආකාරයට සැලකීමක් සිදුව ඇත.

කෙසේවෙතත් ඔහුට තාවකාලික වීසා බලපත්‍රයක් ලබා දෙන බවට ජනමාධය වෙත අදහස් දක්වමින් ආගමන විගමන කටයුතු භාර ඇමැති එස්.බී.නාවින්න පවසා තිබේ.

පුරවැසි පනතට අනුව එසේ විදෙස් පුරවැසියකුව සිට නැවත පුරවැසි හිමිකම් ඉල්ලීම සදහා ඇත්තේ පුරවැසි පනත් 8 වැනි වගන්තිය යටතේ කරනු ලබන ඉල්ලීමකට ඇමැතිවරයාගේ අනුමැතිය දීමය. ඊට අදාල එකම කොන්දේසිය වන්නේ වෙනත් රටක ලබා ඇති පුරවැසිභාවය අත්හැරීමට අයදුම්කරුට ඇති කැමැත්තය. කුමාර් ගුණරත්නම් එසේ පුරවැසි පනතේ 8වැනි වගන්තිය යටතේ සාම්ප්‍රදායික පුරවැසිභාවය පිිළිබද සහතිකය ඉල්ලා සිටි අවස්ථා දෙකකි. එහෙත් වාර්තා වන ආකාරයට ආණ්ඩුව එම අයදුම්පත්වලට ප්‍රතිචාර දක්වන්නට ආණ්ඩුව කටයුතු කර නැත.

1

 




Related News