පසුගිය මැයි 15 වැනිදා රුපියල් 134.30ක අගයක තිබූ ඩොලරය ජුනි 03 වැනිදා වන විට රුපියල් 137.93 දක්වා ගමන් කිරීමෙන් රුපියල බාල්දුවීම නිසා අර්තාපල්, ලූණු, පරිප්පු, කරවල වර්ග හා ටින් මාළුවල මිල 5% – 10% අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි තොග වෙළෙන්දෝ පවසති.
නමුත් ආර්ථික කටයුතු ඇමැති හර්ෂ ද සිල්වා මෙම අවදානම ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ ඇතැම් කාලවලදී රුපියලේ අගය පහළ යාම සාමාන්‍ය දෙයක් බවත් ඩොලරයේ අගය පසුගිය
පාලන කාලය තුළ රුපියල් 110 සිට රුපියල් 135 දක්වා දෝලනය වුවද එයින් බඩුමිලට සිදු වූයේ අවම බලපෑමක් බවයි. වෙනත් රටවල මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරය ඉහළ ගොස් ඇති බව ලෝක වෙළෙඳ පොළ ආරංචි මාර්ගද පවසන අතර ඩොලරය මේ අත්දකිමින් තිබෙනුයේ වසර 40ක් තුළ සිදුවන වේගවත්ම වටිනාකම් ඉහළ යාමටය.