චීනයේ වාර්ෂිකව පැවැත්ෙවන ෂැංහයි ජාත්‍යන්තර කලාත්මක ඡායාරූප ප්‍රදර්ශනයෙන් හා තරඟාවලියේ විවෘත ප්රවෘත්ති ඡායාරූප අංශයෙන් රිදී සම්මානය දිනා ගැනීමට ඡායාරූප ශිල්පිණී යමුනි රශ්මිකා පෙරේරා සමත් වී තිබේ.
ඇය විසින් ඒම තරඟාවලියට ඉදිරිපත් කළ Ceremonial නැමැති ඡායාරූපයට ෙමෙස් රිදී සම්මානය හිමිව තිබේ. මෙම අන්තර්ජාතික ඡායාරූප තරගයේ දී ඉදිරිපත් කළ ඡායාරූප රැසක් එම සර්බියාවේ සහ බල්ගේරියාවේ දී අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා තේරී පත් වී තිබේ. ඇය විසින් ඉදිරිපත් කළ ඡායාරූප කීපයකට ගෞරව සම්මාන ද හිමිකර ගැනීමට සමත් වූවාය.
යමුනී රශ්මිකා පෙරේරා, ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ප්රවෘත්ති ඡායාරූප ශිල්පිණිය ලෙස ද වසර 2008 දී සම්මානයට පාත්‍ර විය. බල්ගේරියාවේ ඡායාරූප අැකඩමිය විසින් සංවිධානය කළ FLASH MUSIC- 2016 අන්තර් ජාතික ඡයාරූප තරගාවලිය සහ ඡායාරූප ප්‍රදර්ශනයේ වර්ණ ඡායාරූප අංශයෙන් රන් සම්මානය ද ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමට ද යමුනී රශ්මිකා සමත් වූවාය.
සර්බියාවේ අන්තර්ජාතික ADRIATIC – 2016 ඡායාරූප ප්‍රදර්ශනය සහ තරගයේ දී එම අන්තර්ජාතික ඡායාරූප තරගයේ පිරිනමන GP PCA Gold ගෞරව ( රන්) සම්මානය ජය ගැනීමට යමුනී රශ්මිකා සමත් වී තිබේ. රටවල් පනහකට වඩා නියෝජනය කළ ඡායාරූප ශිල්පීන් 1218ක් තරගාවලිය සඳහා ඡායාරූප යොමු කර තිබුණි.
ස්වේකියාවේ Slovak Federation of Photographers සංවිධායනය තුන්වන වරටත් පවත්වනු ලැබූ අන්තර්ජාතික “SPRING FOTOSALON BARDAF”තරඟාවලියේ දී ජනමාධ්‍ය ඡායාරූපකරණය අංශයෙන් ‘’FIAP රන් සම්මානය’’ ජයග්‍රහනය පසුගිය දා රන් සම්මානයෙන් ද පිදුම් ලබුවාය. මෙම සම්මාන සියල්ල ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පිනියක විසින් හිමිකරගත් ප්‍රථම අවස්ථාව වීම සුවිශේෂීය.
මීට පෙර අන්තර්ජාතික ඡායාරූප තරග රැසකින් ජයග්‍රහණ හිමිකර තිබෙන යමුනී රශ්මිකා පෙරේරා, ප්‍රංශයේ ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනය මඟින් පිරිනමන ඡායාරූප කලාවේ FIAP සම්මානයෙන් පිඳුම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිය ඡායාරූප කලාවේදිනියද වෙයි. ඇය මේ වනවිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ සේවයේ යෙදී සිටියි.

‘Ceremonial’ යමුනිෙග් ජයග්‍රාහී ඡායාරූපය

