කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය බදාදා වන විට සති පහකින් වාර්තා වූ අවම කොටස් වෙළෙඳපොළ දර්ශක ප්රදර්ශනය කර තිබිණි.
ප්රධාන කොටස් වෙළෙඳපොළ දර්ශකය 0.64%කින් පහත වැටුණු අතර එය මාර්තු 31 වැනිදායින් පසු එක් දිනයක් තුළ සිදු වූ බරපතළම බිඳ වැටීමයි.
මෙහිදී විශේෂය වූයේ විදේශ ආයෝජන ප්රමාණය බරපතළ ලෙස පහත වැටී තිබීමයි. විදේශ ආයෝජන පසුගිය වාර හයක් තුළ රුපියල් බිලියන 1.53ක පිරිවැටුමක් වාර්තා කළ අතර පසුගිය වසරේ මෙම කාලයේදී එය රුපියල් බිලියන 4.41ක් විය.
මෙලෙස කොටස් වෙළෙඳපොළ බිඳ වැටීමට ප්රධාන හේතුව මහ මැතිවරණයක් පැවැත්වෙන බව ප්රකාශ කිරීමත් දේශපාලන බලය පිළිබඳ අස්ථාවරත්වයක් ගොඩනැඟී තිබීමත් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.