தமிழ்
English
Contact
Tuesday 12th September 2017    
සේවක ඉල්ලීම් නිසා කම්හලක් වසා දමලා ! « Lanka Views | Views of the truth

සේවක ඉල්ලීම් නිසා කම්හලක් වසා දමලා !



ඉල්ලීම් කිහිපයක් මුල් කොට වැඩ වර්ජනයක් කළ නිසා වත්තල ප්‍රදේශයේ පොලිතීන් නිෂ්පාදන ආයතනයක සේවක මණ්ඩලයට ඊට ඇතුළු විමට ඉඩ නොදෙමින් කර්මාන්ත ශාලාවේ ගේට්ටු වසා දමා ඇත.

වෘත්තීය සමිතියක් විසින් කළ ඉල්ලීම් කිහිපයක් ලබා නොදීමට පාලන අධිකාරියේ තීරණයකට  විරෝධය දැක්වීම වශයෙන් අද(06) පෙරවරුවේ සිට සේවක සේවිකාවන් නිෂ්පාදන කටයුතු වලින් බැහැරව සිටන බව පාලන අධිකාරියට දන්වා ඇත. ඒ අනුව එම පාලන අධිකාරිය විසින් ප්‍රධාන ගේට්ටුව වසා එහි අලවා ඇති දැන්වීමකින් පවසා ඇත්තේ ඔවුන් නිෂ්පාදන කටයුටතුවලින් බැහැරව සිටීමට ගත් තීරණය මත ආයතනය වසා ඇති බවත් එම තීරණය වෙනස් කොට නැවත නිෂ්පාදන කටයුතු වල යෙදෙන බවට ලිඛිතව දැනුම් දෙන තුරු ආයතනය වසා තබන බවත්ය.