Posted on 08.28.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බලධාරින් විසින් දිගින් දිගටම මගහරිමින් සිටින වෘත්තීය ඉල්ලීම් ඉටු නොකළහොත් කීපයක් මුල් කර ගනිමින් උතුරු මැද පළාතේ රෝහල්වල ආරම්භ කර තිබෙන වැඩ වර්ජනයට ලබන බදාදා වන විට සෞඛ්‍ය බලධාරීන් ඉක්මන් විසඳුමක් ලබා නොදුණහොත් බරපතළ පියවර ගන්නා බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවයි.
වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක නොකිරීම, වෛද්‍යවරුන්ගේ සන්නිවේදන දීමනා අඩුවෙන් ගෙවීම, පුහුණුව සඳහා සහභාගි වන වෛද්‍යනිලධාරීන්ට ගෙවීම් නොකිරීම, සීමාවාසික පුහුණුව නිම කළ වෛද්‍යවරුන්ට පත්වීම් ලබා නොදීම වැනි කරුණු ගණනාවක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය අද (28) ආරම්භ කළ බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
මෙම වැඩ වර්ජනයට ඉක්මන් විසඳුම් ලබා නොදුණහොත් බදාදා වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහල සහ පොළොන්නරුව මහ රෝහලට ද වැඩ වර්ජනයට එක් වන බවද ඉදිරියේදී අනෙකුත් පළාත් සභාද වර්ජනයට සහභාගි වන බව සංගමය අනතුරු අගවා සිටියි.