Posted on 09.05.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ආණ්ඩුව වසර 2 1/2ක් තිස්සේ මැදිහත් නොවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති බහුතරයක් එක්වී අඛණ්ඩ වැඩවර්ජනයකට සුදානම් වන බව වාර්තා වේ.
ඒ අනුව ආණ්ඩුවට මෙම ගැටළුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස බලකරමින් එළඹෙන 13 වන දා සිට සේවා සැපයීම් කටයුතු සහ බිඳවැටීම් සකස් කිරීමේ කටයුතු වලින් ඉවත් වී අඛණ්ඩව වැඩවර්ජනයක නියැලෙන බව එම වෘත්තීය සමිති පේනවා දෙයි.
වසරකට මිලියන 1000ක් විදුලිබල මණ්ඩලයට අහිමි කරමින් නිසි අනුමැතියකින් තොරව හඳුන්වා දී ඇති මෙම නව වැටුප් තලය පිළිබඳව දැඩි මතභේදාත්මක තත්වයක් උද්ගත වී ඇති අතර මේ සම්බන්ධව වෘත්තීය සමිති අධිකරණ ක්‍රියාමාර්ග වලට පවා අවතීර්ණ වී ඇති බව පැවසේ.
මේ යෝජනාවලිය හරහා සේවක ශ්‍රේණි සඳහා එක් එක් වැටුප් සීමා හඳුන්වා දෙමින් සේවක බෙදීමක් ඇති කර තිබෙන බවත් මේතෙක් විදුලි බල මණ්ඩලයේ පැවැති 1:6 අනුපාතය නිවැරැදි කිරීමක් සිදු කිරීමට කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැති බවටද වෘත්තීය සමිති චෝදනා කරයි.
කෙසේ වෙතත් අදාළ ගැටළු සඳහා විසදුම් ලබා දෙනතුරු අඛණ්ඩව සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියැලෙන බවත් සිදුවන සියලු බිඳවැටීම්හි වගකීම ලං.වි.ම පාලනාධිකාරිය භාරගත යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් වෘත්තීය සමිති පවසන ලදි.