Posted on 09.04.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අසාධාරණ ස්ථාන මාරු කිරීමක් අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද(04) දින සංකේත වැඩවර්ජනයක නිරත වන බව වාර්තා වේ.
යාපනය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 5 දෙනෙකුට ලබා දුන් අසාධාරණ ස්ථාන මාරු වීම් අවලංගු කිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙලෙස එක් දින සංකේත වැඩවර්ජනයක නියැලෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පිලිබඳ අදහස් දක්වමින් පවසන ලදි.