Posted on 08.29.2017 by Janaka Thushara in දේශීය පුවත් with 0 Comments
2016 වසරෙන් පසුව රජයේ සේවයට බැඳෙන රාජ්‍ය සේවකයන්ගේ පත්වීමේ ලිපියේ විශ‍්‍රාම වැටුපට අදාළ 06 වැනි වගන්තිය අමාත්‍ය මණ්ඩල තීරණයක් මත සංශෝධනය කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරිගේ අත්සනින් නිකුත් කරන ලද චක‍්‍රලේඛයකින් අමාත්‍යාංශ, පළාත් හා දෙපාර්තමේන්තු ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත.
එම වගන්තියේ කලින් සඳහන්ව තිබුණේ ‘ඔබට හිමි විශ‍්‍රාම වැටුප පිළිබඳව රජය ඉදිරියේදී ගනු ලබන ප‍්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතුය’ යනුවෙනි. එම වගන්තිය අගෝස්තු 15 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව පහත පරිදි සංශෝධනය කර තිබේ.
‘‘මෙම පත්වීම විශ‍්‍රාම වැටුප් සහිතය. ඔබට හිමි විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය පිළිබඳ රජය ඉදිරියේදී ගනු ලබන ප‍්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ. තවද, ඔබ වැන්දඹු හා අනත්දරු විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට දායක විය යුතුය. රජය මගින් විටින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතුය.’’
රාජ්‍ය සේවකයන්ගේ පූර්ණ විශ‍්‍රාම වැටුප් අයිතිය අහිමි කිරීමට ගෙන තිබෙන තීරණයේ වෙනසක් මෙම චක‍්‍රලේඛය මගින් කිසිසේත්ම සිදු වන්නේ නැති බව විශ‍්‍රාම වැටුප සුරැුකීමේ සේවක මධ්‍යස්ථානය පෙන්වා දෙයි. ගැටලූව වන්නේ, පූර්ණ විශ‍්‍රාම වැටුප අහිමි කර දායකත්ව හෝ වෙනත් එවැනි අවදානම් සහගත ක‍්‍රමයක් ස්ථාපිත කිරීම බවත් එම තීරණය වෙනස් කිරීමට රජය තීරණය කර නැති අතර එවැනි වෙනසක් ගැන මෙම චක‍්‍රලේඛයේ සඳහන් නොවන බවත් එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
වචන හරඹවලින් කරන විජ්ජාවන්ට මුලා නොවී, දායකත්ව විශ‍්‍රාම වැටුප් ප්‍රෝඩාවන් පරාජය කොට වසර 200ක පමණ කාලයක් තිස්සේ රජයේ සේවකයන් භුක්ති විඳි අයිතියක් වූ පූර්ණ විශ‍්‍රාම වැටුප් අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා එක් වන ලෙසද විශ‍්‍රාම වැටුප සුරැුකීමේ සේවක මධ්‍යස්ථානය රාජ්‍ය සේවකයන්ට ආරාධනා කරයි.
