Posted on 08.30.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ස්ථාන මාරු වීම් බලාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරු මැද පළාත් වෛද්‍යවරුන් පසුගිය 28වන දා ආරම්භ කර තිබු වැඩ වර්ජනය අද(30) දින අවසන් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
සිය ප්‍රධාන ඉල්ලීම් දෙකක් සඳහා බලධාරීන් විසඳුම් ලබා දීමට එකඟ වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උතුරු මැද පළාත් සම්බන්ධිකාරක වෛද්‍ය තේජන සෝමතිලක ප්‍රකාශ කරන ලදි.
එක් දින සංකේත වර්ජනයක් ලෙස ආරම්භ කරන තිබු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුව අඛණ්ඩව සිදු කිරීමට එම සංගමය තීරණය කර තිබු අතර දින දෙකක් පුරාවට උතුරු මැද පලාත් සෞඛ්‍ය සේවා ආයතන වලදි මෙම විරෝධතාවය දියත් වී තිබුණි.