Posted on 08.15.2017 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
සයිටම් විරෝධී අරගලය අද වනවිට සැලකිය යුතු දේශපාලන අවධානයක්, සමාජ අවධානයක් දිනාගත් අරගලයක් බවට පත්ව ඇත. ඒ හරහා නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳවද බලවත් සංවාදයක් නිර්මාණය වී ඇති අතරම පාසල් තුළ ගාස්තු අය කිරීම පෞද්ගලික විශ්ව විiාල වැනි අනෙකුත් ප‍්‍රශ්න කෙරෙහි වන උද්ඝෝෂණික බලපෑම දුර්වලව ඇති තත්වයක්ද ඇත. කෙසේ වුවත් ඕනෑම අරගලයක් එවැනි ඍනාත්මක ලක්ෂණ ගැනීම වැළැක්විය නොහැක. සූරා කෑමට එරෙහි විය යුතුයයි යන දේශපාලන සංකල්පය සමාජය තුළදී පණ ලබන්නේ වැටුප් වැඩි කිරීමේ සටන්, සේවා මුරය දීර්ඝ කිරීමට එරෙහි සටන් ආදියෙනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමේ සටන සමාජය තුළ පණ ලබන්නේ අතුරුදන් කිරීම්වලට එරෙහිව වෙමු. මාධ්‍ය නිදහස සහතික කරනු! රැුස්වීමේ නිහස ලබාදෙනු! ආදි ලෙස කාලානුරූපීව යම් සමාජයක් තුළ පැන නගින අරගල හරහාය.
දේශපාලන ව්‍යාපාරයක් මෙහිදී සමත් විය යුත්තේ එවැනි එක් එක් ප‍්‍රශ්නවල පවතින දේශපාලන හරය ඉස්මතු කිරීමෙන් ඒවා සමාජය තුළ සිය පුළුල් ප‍්‍රතිපත්තීන් තහවුරු කිරීමට යොදා ගැනීමටය.
මෙහිදී සයිටම් ආයතනයට එරෙහිවීමේ මුලික පදනම් තුනක් අද වන විටත් මෙම අරගලය තුළ පවතින බව පෙනේ.
මෙහිදී මෙම අරගලයේ නිරත වී සිටින විවිධ පාර්ශව පැහැදිලි ලෙසම තම මත දැක්වීම්වලදී ඉහත ස්ථාවරයන් තුන එකිනෙක තම අවශ්‍යතා අනුව යොදා ගන්නා බව පැහැදිලි කරුණකි. ශිෂ්‍ය ව්‍යාපාරය මෙහිදි සිය කරුණු දැක්වීම්වල ඉහත කරුණු තුනම පදනම් කර ගන්නා අතර පළමු කරුණ සඳහා ඉතා වැඩිබර තැබීමක් කරයි. එහිදී සයිටම් ආයතනය නිදහස් අධ්‍යාපනය අහෝසී කිරීමේ පිළිවෙතේ ප‍්‍රධාන උත්සාහයක් ලෙස දකියි. උසස් අධ්‍යාපනය තුළ අවස්ථා සීමිත නම් එය තීරණය විය යුත්තේ මුදල් මත නොව කුසලතා මත පමණක්ම යන්න මෙහි මූලික තර්කයයි.
වෛද්‍ය සංගම් සමහර දේශපාලන පක්ෂ විවිධ සිවිල් සංවිධාන හා පුද්ගලයන් ඉහත දෙවැනි හා තුන්වෙනි පදනම් ඇසුරු කර ගනිමින් සිය ස්ථාවරය දක්වයි. මෙම ආයතනය රටේ සියලූ නීති අභියෝගයට ලක් කරන ලදයි පැවසීම සඳහා විවිධ නීති චක‍්‍රලේඛන අණ පනත් ගෙන හැර දක්වමින් කරුණු දක්වයි. අනෙක් පසින් මෙහි ගුණාත්මක බවින් යුතු වෛද්‍යවරුන් බිහිවෙන්නේ නැතැයි කියමින් කරුණු දක්වයි. මෙම කරුණු දෙකෙහිම නිවැරදිභාවයක් පවතියි. එහෙත් ඒවා හැමවිටම ප‍්‍රතිසංස්කරණ විසදුම් ඉදිරිපත් කළ හැකි ගැටලූ ලෙස ද පවතියි. හැම විටම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වන්නේ ගුණාත්මකභාවයේ ගැටලූ ඇත්නම් අපි එවා නිවැරදි කරමු යන්නයි. නීති විරෝධීභාවය පිළිබඳවද ආණ්ඩුව පවසන්නේ ඒවා නිවැරදි කරමු යන්නයි. තාර්කික තලයේදී ඉහත දෙවැනි තෙවැනි ගණන් කෙතරම් ශක්තිමත් වුවත් ඒවා හැමවිටම ව්‍යාජ විසඳුම මගින් විසදාලිය හැකිව පවතින බව පැහැදිලිය.
එහෙත් විසදිය නොහැකි ගැටලූව වන්නේ සමාජ අසාධාරණය ඇති නොකළ මුදල උපාධි දීම සිදුකරන්නේ කෙසේද යන්නයි. එමෙන්ම ඉහත දෙවැනි හා තෙවැනි පදනම් යම් කිසි උගත් මධ්‍යම පාන්තික ස්ථරය අවධානය දිනා ගන්නා අතර සාතිශය බහුතරයක් වන පහළ පන්තිකයන් මෙම අරගලයට බද්ධ කිරීමේ යතුර පවතින්නේ නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමක් යන පළවෙනි පදනම තුළයි. මෙම අරගලයට පුළුල් මහජන සහාය ලැබුණේ පැහැදිලි ලෙසම ඒ නිසාය. එහෙත් සටනක් ජයග‍්‍රහණය කිරීමේදී විවිධ අතර මැදි පන්තින් ඒකාබද්ධ කර ගැනීම වැදගත්ය. ඒ අර්ථයෙන් ඉහත තර්ක තුනම ඇසුරු කර ගනිමින් පළමුවැනි කරුණට වැඩි බර තැබීමක් කිරීම වඩා දේශපාලනික වේ. මෙම අරගලයේ ඇති ඉහත වෙනස් කම් සටන් පාඨ හරහා ද සංවිධාන ගොඩනැංවීම තුළද අවසන් එකඟතා තුළද ප‍්‍රකාශයට පත්වීම වළකාලිය නොහැක.
මෙම සටන තුළ ශිෂ්‍ය ව්‍යාපාරය කේන්ද්‍රය බවට පත්වෙමින් නිර්මාණය වූ ‘සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය’ හරහා ප‍්‍රකාශයට පත්වන්නේද දේශපාලන පදනම්වල මෙම වෙනස් කම්ය. එමෙන්ම වෛද්‍ය සංගම් මූලික වී ගොඩනැගුණු වෘත්තීය සමිති එකතුව හා පසුකාලීනව එය පරිණාමය වීමෙන් ගොඩනැගුණු ‘ජන පවුර’ තුළ පවතින්නේද ඉහත පදනම්වල දෙවෙනි හා තෙවෙනි තර්ක වන නීති විරෝධීභාවය හා ගුණාත්මක භාවය පිළිබඳ ප‍්‍රකාශනයකි.
ආරම්භයේදී සටන් පාඨවල පවා වෙනසක්ව පැවැතුනි. ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ‘සයිටම් අහෝසි කරනු!’ යැයි කියන විට තවත් බොහෝ දෙනා ‘සයිටම් ජනසතු කරනු!’ යැයි පවසන්නට වූහ. ජනසතු කරනු යන්න ශිෂ්‍ය ව්‍යාපාරයේ 1980 දශකයේ ඉදිරිපත් කළ සටන් පාඨයයි. මෙහිදි ශිෂ්‍ය ව්‍යාපාරයේ තර්කය වී තිබුණේ වර්තමානයේදී ජනසතු කරනු යන සටන් පාඨය සයිටම් විරෝධි අරගලයට ආදේශ කර ගැනීමේදී අතරමැදි විසඳුමක් ලෙස අර්ධ රාජ්‍ය – අර්ධ පෞද්ගලික වැනි ව්‍යාජ විසඳුමක් කරා තල්ලූවිය හැකි බවයි. එනිසා ආරම්බයේ සිටම ‘සයිටම් අහෝසි කරනු’ යන ස්ථාවරයේ සිට සටන් වැදිය යුතුය යන්නයි.
මේ වන විට සයිටම් විරෝධි අරගලය සඳහා කේන්ද්‍ර දෙකක් කි‍්‍රයාත්මක වෙමින් ඇත. ශිෂ්‍ය ව්‍යාපාරය නායකත්වය දෙනු ලබන සයිටම් විරෝධි සිසු ජන ව්‍යාපාරය එහි එක් කේන්ද්‍රයක් වන අතර සයිටම් විරෝධි ජන පවුර එහි අනෙක් කේන්ද්‍රය ලෙස අරලගයට මැදිහත් වෙමින් ඇත. අරගලයේ ආරම්භක මොහෝතේ සිට පැවැති පදනම්වල වෙනස, කි‍්‍රයාමාර්ග පිළිබඳ විවාදය, අවසන් සටන් පාඨ පිළිබඳ වෙනස, අරගලයේ අවසානය පිළිබඳ වෙනස පැහැදිලි සංවිධාන ස්වරූපයකින් මේවන විට ඉදිරියට පැමිණ ඇත. එහි දී අරගලයේ පදනම් පිළිබඳ ශිෂ්‍ය ව්‍යාපාරයේ එළඹුම, අරගලයේ විවිධ කි‍්‍රයා මාර්ග හරහා එය ඉහළට එසවීමට ගනුලැබු උපක‍්‍රමික ප‍්‍රවේශයන්, නිවැරිදි සටන් පාඨ යොදා ගැනීම හා අනෙකුත් අතුරු සටන් පාඨ සම්බන්ධ කර ගැනීම හරහා අරගලයේ බහුජන පදනම් පුළුල් කර ගැනීම, එමගින් අනෙකුත් බලවේග අරගලයට කැඳවීම, එමෙන්ම අවසන් විසදුම පිළිබඳව ස්ථිරසාර පදනමකින් සටන් වැදීම යන කරුනු ඔස්සේ පෙන්වාදී ඇත්තේ නායකත්ව භූමිකාව ශිෂ්‍ය ව්‍යාපාරය විසින් තහවුරු කරගෙන ඇති බවයි.
එහෙත් අනෙකුත් බලවේගවල මැදිහත්වීම් තීව‍්‍ර වෙමින් පවතින අතර අරගලය තීරණාත්මක ලක්ෂයක් කරා ගමන් කරමින්ද පවතියි. එනිසා අරගලයේ ඉදිරි කාලය ශිෂ්‍ය ව්‍යාපාරය විසින් බරපතළ තීන්දු තීරණවලට අවධානය යොමු කිරීම වැදගත් යැයි අපි සිතමු.
සයිටම් විරෝධී අරගලය අද වනවිට සැලකිය යුතු දේශපාලන අවධානයක්, සමාජ අවධානයක් දිනාගත් අරගලයක් බවට පත්ව ඇත. ඒ හරහා නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳවද බලවත් සංවාදයක් නිර්මාණය වී ඇති අතරම පාසල් තුළ ගාස්තු අය කිරීම පෞද්ගලික විශ්ව විද්‍යාල වැනි අනෙකුත් ප‍්‍රශ්න කෙරෙහි වන උද්ඝෝෂණික බලපෑම දුර්වලව ඇති තත්වයක්ද ඇත. කෙසේ වුවත් ඕනෑම අරගලයක් එවැනි ඍනාත්මක ලක්ෂණ ගැනීම වැළැක්විය නොහැක. සූරා කෑමට එරෙහි විය යුතුයයි යන දේශපාලන සංකල්පය සමාජය තුළදී පණ ලබන්නේ වැටුප් වැඩි කිරීමේ සටන්, සේවා මුරය දීර්ඝ කිරීමට එරෙහි සටන් ආදියෙනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමේ සටන සමාජය තුළ පණ ලබන්නේ අතුරුදන් කිරීම්වලට එරෙහිව වෙමු. මාධ්‍ය නිදහස සහතික කරනු! රැුස්වීමේ නිහස ලබාදෙනු! ආදි ලෙස කාලානුරූපීව යම් සමාජයක් තුළ පැන නගින අරගල හරහාය.
දේශපාලන ව්‍යාපාරයක් මෙහිදී සමත් විය යුත්තේ එවැනි එක් එක් ප‍්‍රශ්නවල පවතින දේශපාලන හරය ඉස්මතු කිරීමෙන් ඒවා සමාජය තුළ සිය පුළුල් ප‍්‍රතිපත්තීන් තහවුරු කිරීමට යොදා ගැනීමටය.
මෙහිදී සයිටම් ආයතනයට එරෙහිවීමේ මුලික පදනම් තුනක් අද වන විටත් මෙම අරගලය තුළ පවතින බව පෙනේ.
මෙහිදී මෙම අරගලයේ නිරත වී සිටින විවිධ පාර්ශව පැහැදිලි ලෙසම තම මත දැක්වීම්වලදී ඉහත ස්ථාවරයන් තුන එකිනෙක තම අවශ්‍යතා අනුව යොදා ගන්නා බව පැහැදිලි කරුණකි. ශිෂ්‍ය ව්‍යාපාරය මෙහිදි සිය කරුණු දැක්වීම්වල ඉහත කරුණු තුනම පදනම් කර ගන්නා අතර පළමු කරුණ සඳහා ඉතා වැඩිබර තැබීමක් කරයි. එහිදී සයිටම් ආයතනය නිදහස් අධ්‍යාපනය අහෝසී කිරීමේ පිළිවෙතේ ප‍්‍රධාන උත්සාහයක් ලෙස දකියි. උසස් අධ්‍යාපනය තුළ අවස්ථා සීමිත නම් එය තීරණය විය යුත්තේ මුදල් මත නොව කුසලතා මත පමණක්ම යන්න මෙහි මූලික තර්කයයි.
වෛi සංගම් සමහර දේශපාලන පක්ෂ විවිධ සිවිල් සංවිධාන හා පුද්ගලයන් ඉහත දෙවැනි හා තුන්වෙනි පදනම් ඇසුරු කර ගනිමින් සිය ස්ථාවරය දක්වයි. මෙම ආයතනය රටේ සියලූ නීති අභියෝගයට ලක් කරන ලදයි පැවසීම සඳහා විවිධ නීති චක‍්‍රලේඛන අණ පනත් ගෙන හැර දක්වමින් කරුණු දක්වයි. අනෙක් පසින් මෙහි ගුණාත්මක බවින් යුතු වෛද්‍යවරුන් බිහිවෙන්නේ නැතැයි කියමින් කරුණු දක්වයි. මෙම කරුණු දෙකෙහිම නිවැරදිභාවයක් පවතියි. එහෙත් ඒවා හැමවිටම ප‍්‍රතිසංස්කරණ විසදුම් ඉදිරිපත් කළ හැකි ගැටලූ ලෙස ද පවතියි. හැම විටම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වන්නේ ගුණාත්මකභාවයේ ගැටලූ ඇත්නම් අපි එවා නිවැරදි කරමු යන්නයි. නීති විරෝධීභාවය පිළිබඳවද ආණ්ඩුව පවසන්නේ ඒවා නිවැරදි කරමු යන්නයි. තාර්කික තලයේදී ඉහත දෙවැනි තෙවැනි ගණන් කෙතරම් ශක්තිමත් වුවත් ඒවා හැමවිටම ව්‍යාජ විසඳුම මගින් විසදාලිය හැකිව පවතින බව පැහැදිලිය.