සයිටම් අර්බුදය විසදීම සම්බන්ධව සාකච්ඡාවකට අවස්ථාව දෙන්න – අ.වි.ශි.බ.ම. ජනාධිපතිගෙන් ඉල්ලයි
Posted on 08.25.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් අර්බුදය සම්බන්ධව ශිෂ්‍ය ව්‍යාපාරය පාර්ශ්වයෙන් අදහස් ප්‍රකාශ කිරීමටත් විසදුමක් සදහා සාකච්ඡාවක් සිදුකිරීමටත් අවස්ථාව ලබා ෙදෙන ලෙස අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරයි.
අද (25) ලිපියක් යවමින් අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ළහිරු වීරසේකර මෙවැනි සාකච්ඡාවකට අවස්ථාව ඉල්ලා සිටින්නේ මින් පෙර අවස්ථා කිහිපයකදීම මේ පිළිබද සිය ස්ථාවරය පැහැදිලි කරමින් සහ සාකච්ඡාවකට අවස්ථාව ඉල්ලමින් ලිපි ලියූ බවද ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට සිහිපත් කරමිනි. කෙසේෙවතත් මේ වනවිට සයිටම් අර්බුදය නිසා අැතිව තිබෙන තත්වයද අරගලය වටා ඒ්කරාශිව සිටින විවිධ පාර්ශ්වයන්ගේ පොදු ඉල්ලීමද සළකමින් විසදුමක් සාකච්ඡා කිරිමට අවස්ථාවක් ලබා දෙන ලෙස අ.වි.ශි.බ.ම. කැදවුම්කරු සිය ලිපියෙන් ඉල්ලා අැත.
ඒම ලිපිය සම්පූර්ණයෙන් පහත පළ වේ.
2017.08.25
මෛත්‍රීපාල සිරිසෙන මහතා,
ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.
රනිල් වික්‍රමසිංහ මහතා
අගමැති,
අගමැති කාර්යාලය,
කොළඹ.
මහත්මයාණනි,
සයිටම් අර්බුදය සම්බන්ධවයි
මාලබේ සයිටම් පෞද්ගලික විශ්වව්ද්‍යාලය පිලිබඳ ගැටලුව මේ වනවිට සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වන ගැටළුවක් බවට පත් වී හමාරය. නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය රටක ජනතාවගේ අයිතියක් ලෙස පැවතිය යුතු බවත් සයිටම් වැනි ආයතන හරහා සිදුකරනු ලබන්නේ එම අයිතිය අහෝසි කර අධ්‍යාපනය සෞඛ්‍ය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීම බවත් අප දිගින් දිගටම සමාජයේ ඉදිරිපිට මතුකළ කාරණයකි. මෙම ස්ථාවරයේ සිට සයිටම් ආයතනය තුළ සිදු සිදුකරන අධ්‍යාපනය විකිණීමට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප අඛණ්ඩව අරගලයක නිරතව සිටින්නෙමු.
මේ වන විට එම අරගලය වටා වෛද්‍යවරුන්, ගුරුවරුන්, වෘත්තීය සමිති, කලාකරුවන්, මාධ්‍යවේදීන්, බහුජන සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු බලවේග ගණනාවක් එකතු වී සිටී. මොවුන් සියලු දෙනාම ඉදිරිපත් කරන කාරණය වන්නේ සයිටම් ආයතනය වසා දැමිය යුතු බවයි.
සයිටම් ගැටලුව සම්බන්ධයෙන් අප ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස යෝජනා කරනු ලබන විසදුම් ජනාධිපතිතුමන් ඇතුළු අදාළ සියලූ බලධාරීන් වෙත අවස්ථා කිහිපයකදීම ලිඛිතව දැනුම් දුන් අතර ජනාධිපතිවරයා සමඟ සග සිදුකළ සාකච්ඡාවේදී ද මෙම කරුණු අනාවරණය කළෙමු.
නමුත් එම විසඳුම් පිලිබදව සලකා බැලීම වෙනුවට කිසිසේත්ම අපගේ ඉල්ලීමක් නොවූ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් ගෙනයන ප්‍රචාරණය හරහා මෙම ගැටලුවට විසඳුම් ලබාදී ඇති බව දැක්වීම කණගාටුවට කාරණයකි.
මේවන විටත් වෛද්‍ය පීඨ අටක ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාස අටකට ආසන්න කාලයක් පන්ති වර්ජනය කරමින් සටන් ක්‍රියාමාර්ග වල නිරතව සිටි. විශ්වවිද්‍යාල සිසුන් අඛණ්ඩ උද්ඝෝෂණවල, සත්‍යග්‍රහ, උපවාස හරහාද කියා සිටියේ මෙම ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙසයි.
ආණ්ඩුවේ ප්‍රධානීන් ලෙස ඔබතුමන්ලාගේ අප ඉල්ලා සිටිනුයේ මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක්, මැදිහත්වීමක් සිදුකරන ලෙසයි. ඒ අනුව මෙම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප සූදානම් බවත් ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටිමු.
ස්තුතියි, මෙයට
ළහිරු වීරසේකර – කැඳවුම්කරු
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය