தமிழ்
English
Contact
Sunday 15th October 2017    
ශිෂ්‍ය ව්‍යාපාරය සයිටම් පිළිබද සාකච්ඡාවලට නෑ – වෛද්‍ය සභාව සයිටම් විසදන කමිටුවට නෑ ! « Lanka Views | Views of the truth

ශිෂ්‍ය ව්‍යාපාරය සයිටම් පිළිබද සාකච්ඡාවලට නෑ – වෛද්‍ය සභාව සයිටම් විසදන කමිටුවට නෑ !



රජයේ විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨාධිපතිවරුන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකර සයිටම් ගැටලුවට විසදුමක් ලබාගත නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා පවසයි.

වෛද්‍ය පීඨාධිපතිවරුන් දන්වා සිටියේ සයිටම් ආයතනය අහෝසිකර , ඉන් අනතුරුව අනෙකුත් ගැටලුවලට විසඳුම් සොයන ලෙස බවද හෙතෙම පෙන්වා දෙයි. කෙසේ නමුත් සයිටම් ගැටලුව විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ කමිටුවට කිසිදු පුද්ගලයකු ඇතුළත් කර නැතැයි ද ‍ලේඛකාධිකාරීවරයා පෙන්වා දෙයි.  එම කමිටුව පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නිල වශයෙන් දැනුම් දීමක් කර නොමැති බවත් , තමා  ඒ කමිටුව ගැන දැනගත්තේ මාධ්‍ය මගින් බවත් ‍ලේඛකාධිකාරීවරයා ජනමාධ්‍යවේදින් කළ විමසීමකදී හෙළිකර ඇත. සයිටම් ගැටලුවට විසඳුම් සොයන පාර්ශ්වකරුවන් ඉවත දමා කමිටුවට ඇතුළත් කර ඇත්තේ සයිටම් ආයතනයට හිතවාදීන් වන හෙයින් ඔවුන්ගේ නිර්දේශයන් ගැටලුවට විසඳුමක් ලබා නොදෙනු ඇතැයි බොහෝ පිරිසක් වෛද්‍ය සභාවට දැනුම් දී ඇතැයිද වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා ප්‍රකාශ කර ඇත.

සයිටම් අර්බුදය පිළිබද පසුගිය අගෝස්තු 25වැනිදා ජනාධිපතිවරයා කැදවූ සාකච්ඡාවට ශිෂ්‍ය ව්‍යාපාරයේ නියෝජනයක් නොවූ අතර සයිටම් අර්බුදය පිළිබද සාකච්ඡාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද ශිෂ්‍ය ක්‍රියාකාරිහු පවසති.