தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
උද්ඝෝෂණවලට දෙන වාරණ නියෝග නීත්‍යනුකූල ලෙස අපි භාරගන්නෙ නෑ ! – පෙ.ස.ප. « Lanka Views | Views of the truth

උද්ඝෝෂණවලට දෙන වාරණ නියෝග නීත්‍යනුකූල ලෙස අපි භාරගන්නෙ නෑ ! – පෙ.ස.ප.



විරෝධතා දැක්වීමේ ශුද්ධ වූ අයිතියක් ජනතා බලවේගවලට ඇති බැවින් එවැනි වඅස්ථාවල ගෙන එන වාරන නියෝග නීත්ය්නුකූල නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
ඔක්තෝබර් 10 වැනිදා ‘සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ විරෝධතා පාගමනට පහරදීම හා පසුදින ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය සදහා උද්ඝෝෂකයෝ‘ විසින් සංවිධානය කළ ජනමාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ‘සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ විරෝධතා පාගමනට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන එය නීති විරෝධී පාගමනක් බවට ප්‍රකාශ කිරිමට ආණ්ඩුව ගත් උත්සාහය ගැනත් වාරණ නියෝග විරෝධතාකරුවන්ට භාර දෙනු වෙනුවට කොල්ලුපිටියේදී යකඩ පොලු යොදාගෙන කළ අමානුෂික පහරදීම සම්බන්ධයෙන් එහිදී අදහස් පළ විය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා කළ එම අදහස් දැක්වීමේ සාරාංශයක් පහත සටහන් වේ.


“අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය කිරීමට එරෙහිව පසුගිය 10 වැනිදා පැවති උද්ඝෝෂණයට වාමාංශික පක්ෂවල නියෝජිතයන් , අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති නියෝජිතයන්, ශිෂ්‍ය ක්‍රියාකාරින්, මවුපියන්, බහුජන සංවිධාන නියේජිතයන් ඇතුලු දහස් ගණනක් සහභාගි වුණා. එම විරෝධතා පාගමනට ඉතාමත් තිරශ්චීන ප්‍රහාරයක් ආණ්ඩුව විසින් එල්ල කළා. මෙම විරෝධතාව සම්බන්ධයෙන් කිව හැකි කරුනු දෙකක් පැහැදිලි ව දක්නට තිබෙනවා. එකක් තමයි මෙතෙක් විවිධ වෘත්තික සංවිධාන, මහජන සංවිධාන දේශපාලන ක්‍රියාකාරිකයන් ගෙන ගිය විරෝධතාවල පොදු ස්වභාවයක් තිබුණා. එක්කෝ වැටුප් වැඩිකර ගන්න නැත්නම් තම සංවිධානයට විශේෂ වූ යමක් වෙනුවෙන් කළ විරෝධතා දක්නට ලැබුනේ. නමුත් මේ තත්වය තරමක් වෙනස් වෙලා මහජන උද්ඝෝෂණයක් ලෙස 10 වැනිදා කෙරුනු විරෝධතා පාගමන තුළ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි සංවිධාන හා බලවේග ගණනාවක් එකතු වෙලා රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව සාමුහික ලෙස කළ විරෝධතාවක් වීම. කාටවත් එයට සහභාගි වෙද්දි තමන්ට දිනාගන් කියලා යමක් නෙවෙයි තිබුනේ. පසුගිය කාලෙ හම්බන්තොට වරාය සහ ඛනිජ තෙල් සස්ථා සේවක අරගලය වගේ මේවා ඍජුව රජයේ ප්‍රතිපත්ති සම්න්ධයෙන් ඒ කියන්නෙ ආණ්ඩුවේ නවලිබරල් උපායමාර්ගය අනුව ගත් පියවර ප්‍රශ්න කළ, ඒවා අභියෝගයට ලක් කළ අවස්ථා. ඒ වගේම පසුගිය කාලෙ දිගු කලක් පවත්වාගෙන ගිය ටෙලිකොම් මෑන්පවර් අරගලය කෙලින්ම කම්කරු අයිතිවාසිකම් කප්පාදුවට එරෙහි අරගල, දැන් ගොවියන්ගෙ කම්කරුවන්ගෙ සහ ශිෂ්‍යයන්ගෙ අරගල පාලක ප්‍රතිපත්ති ප්‍රශ්න කරන තත්වයට එන විට පාලකයන්ගෙ පැත්තෙන් ලබාදෙන ප්‍රතිචාරයත් වෙනස් වෙන්න පටන් අරගෙන.
ආණ්ඩුව විසින් පසුගිය කාලෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන, යහපාලනය ගැන, නීතියේ ආධිපත්‍ය ගැන සහ සමාජ සාධාරණත්වය ගැන කියමින් හිටපු ආණ්ඩුව මේ ආකාරයට සිය ඇත්ත ස්වරූපය පෙන්වමින් තිබෙනවා. පොලිසිය වැනි මර්දන ආයතන ප්‍රජා සේවා ආයතන බවට පත්කිරීම ගැනයි සාකච්ඡාව තිබුණේ. ස්වාධීන කෛාමිෂන් සභා බලාත්මක කිරීම ගැන, පොලිසියට දේශපාලන බලපෑම් නැවතීම ගැන කතා කළ ආණ්ඩුව පොලිසිය වෘත්තිකභාවයට පත්කිරීම සහ පොලිස් කොමිෂන් සභාව ගැන ආණ්ඩුව කතා කලේ. වර්තමාන පොලිස්පති පූජිත ජයසුන්දර පොලිසියට බාවනා කරන්න කිව්වා. භාවනා නොකරපු නිලධාරින්ට පහරදුන් අකාාරයත් අපි දැක්කා. දැන් එහෙම භාවනා කරපු පොලිසිය මොකද කරන්නෙ? ජයවර්ධන පාලන සමයෙ කුලියට ගත්ත මැරවරයන් යොදාගෙන කරපු වැඩ දැන් පොලිසිය ලවා කරමින් ඉන්නවා. මේ ප්‍රහාරයට පැමිණී පොලිස් නිලධාරින් අත යකඩ පොලු තිබෙන බවට සාක්ෂි ඡායාරූප දැන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ශිෂ්‍යයන්ට, මවුපියන්ට, කම්කරු නායකයන්ට, වෘත්තියවේදින්ට සහ දේශපාලන ක්‍රියාකාරින්ට පහරදුන්නෙ යකඩ පොලුවලින්. නීතියෙ ලියලා තියෙනවා පොලිසිය පාවිච්චි කළ යුතු බැටන් පොලු ගැනයි ඒවගෙ රබර් ප්‍රතිශතය ගැනයි. නමුත් මේ පොලිසිය දැන් අරගෙන එන්නෙ යකඩ පොලු. 80 දශකයෙ මැරයන් කුලියට අරගෙන කරපු පහරදීම් තමයි දැන් අර භාවනා කළ පොලීසිය යොදවලා ආණ්ඩුව සිදුකරමින් ඉන්නෙ. මේ විරෝධතාවයට සම්බන්ධ වෙච්ච 13 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන තැනට මේ ප්‍රහාරය අමානුෂික එකක් බවට පත් වුණා. අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව සහෝදරයාට මුහුණට එල්ල වූ ප්‍රහාරය නිසා අස්ථි බිදීමක් වෙලා තියෙනවා. ඒ සදහා වන සැත්කමකට නැවත ඔහු රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ගතයුතුයි.

තවත් තුවාකරුවන් පිරිසක් මේ ප්‍රහාරය නිසා බරපතළ තුවාල ලැබුවා. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ කෙනෙක් සදහා ප්‍රතිකාර කරන්න සැත්කම් කළ යුතු බවයි වෛද්‍යවරු කියන්නෙ. ඉතාම බරපතළ ප්‍රහාරයක් එදා එකතු වූ ශිෂ්‍යයන්ට, මවුපියන්ට, දේශපාලන පක්ෂවල සහ වෘත්තිය සමිති ක්‍රියාකාරින්ට සිදුකරලා ඊයේ වෙද්දි ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගෙන තියෙන්නෙ. මේ වනවිට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර, අන්තර් විශ්ව විද්‍යාලයීය  භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි සහ වෛද්‍ය පීඨ ශිෂ්යත ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් යන ශිෂ්‍ය නායකයන් තුන්දෙනාම හිරගත කරලා ඉන්නෙ. රයන් ජයලත් සිරගත කරලා මාසෙකට වැඩියි. ඇප අයදුම් කළා මහාධිකරණයට. ඒත් ඒ ඇප අයදුම්පත සළකා බැලීම දවසින් දවස ප්‍රමාද කරමින් තිබෙනවා. සාමාන්‍යයෙන් ඇප අයදුම් කළාම හැසිරෙන ආකාරයට නෙවෙයි අධිරණ ක්‍රියාදාමය සිදුවෙන්නෙ. අවසානයෙදි 19වැනිදාට තමයි දිනය කල් තබලා තියෙන්නෙ. වෙනත් කරුණුවලදි ඉතාම කඩිනමින් කටයුතු කරන ඇප ඉල්ලීම් සම්බන්ධ සක්‍රියවන අධිකරණය මෙම කාරණයෙදි ප්‍රමාද කරන තත්වයක් අපට දකින්න තියෙනවා. නීතිපතිවරයාගෙ නීතිඥයො රජයේ නීතිඥයො ඇප දෙන එකට විරෝධය පළ කරමින් ඉන්වා. පසුගිය කාලෙ මැතිවරණ නීති උල්ලංඝනය කළ රුපියල් මිලියන 600කට අධික මහජන මුදල් අවභාවිත කළ බවට වරදකරුවන් කළ අනුෂ පැල්පිට සහ ලලිත් වීරතුංග සැප්තැම්බර් 6 වැනිදා වසර තුනක සිරදඩුවමකට යටත් කළත් සැප්තැම්බර් 20 වැනිදා ඔවුන් ඇප අරගෙන එළියට ආවා. ඇප ඉල්ලීමේ අවස්ථාවක් නීතියෙ තියෙනවා. වැරැද්ද කරලා, ඔප්පු වෙලා දඩුවම් නියම වූ අයකුට ඇප ඉල්ලද්දි රජයෙ නීතිඥයා අධිකරණයෙදි කියනවා ඇප දෙනවට විරුද්ධ නැති බව. හැබැයි චෝදනා කරලා තිබුණත් ඔප්පු වෙලා නැති, පොද් දේපළ වංචා කරපු නැති පොදු දේපළ විනාශ කරු නැති දැනට රටේ තියෙන දැවැන්තම පොදු දේපළ දෙකක් වන නිදහස් අධයාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය පිළිබද අයිතිය ආරක්ෂා කරන්න උද්ඝණය කරපු ශිෂ්‍ය නායකයන්ට ඇප දෙනවට විරුද්ධයි කියලා රජයෙ නීතිඥයා අධිකරණයට ඇවිත් කියනවා.
දැන් රජයේ ප්‍රතිපත්තිය පැහැදිලියි, පොදු දේපළ මංකොල්ල කාලා වැරැද්ද ඔප්පු වුණ අයට ඇප දෙනවට රජය විරුද්ධ නෑ. නමුත් පොදු දේපළ ආරක්ෂා කළ යුතුයි කියන අයට ඇප දෙනවට රජය විරුද්ධයි. අයථා විදියට මහජන මුදල් රුපියල් මිලියන 30ක් ගවර්ස් කෝපරේෂන් පෞද්ගලික සමාගමේ යොදවලා ඒ මගින් මුදල් විශුද්ධිකරණයෙ යදුණු ඉරේෂා ද සිල්වා පසුගිය ඔක්තොබර් 10 වැනිදා ජාත්යාන්තර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ලංකාවට එව්වා. උදේ කටුනායකින් අත්අඩංගුවට ගත්තා. දවල් ඇපදීලා නිදහස් කළා. පැය කීයද හිටියෙ රිමාන්ඩ් භාරයේ හිටියෙ? නීතිපතිවරයා නියෝජනය කරන නීතිඥවරයා ඇප දෙනවට විරුද්ධ වුණේ නෑ. දැන් ප්‍රශ්නය තියෙන්නෙ මහජන අරමුදල් හොරකම්කරන අයට ඇප ඉල්ලා සිටින විට රජයේ නීතිපතිවරයා නියෝජනය කරන රජය වෙනුවෙන් අධිකරණයට එන නිතිඥයා ඇප දෙනවට විරුද්ධ නෑ. රජයෙ ස්ථාවරය හරි පැහැදිලියි. හොරු හැමදෙනාටම ඇප දෙනවට විරුද්ධ නෑ.

ඊයෙ(12) ටැම්පිටියෙ සුගතානන්ද හාමුදුරුවන්ට සහ ළහිරු වීරසේකරට ඇප දෙනවට රජයෙ නීතිඥවරයා විරුද්ධ වුණා. මොකක්ද චෝදනාව? උද්ඝෝෂණය කරන එක වළක්වන්න දුන් අධිකරණ නියෝගය කඩ කළ එකයි. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ කොහෙදිද එහෙම අධිකරණ වාරණ නියෝගයක් භාර දුන්නෙ? තහනම් නියෝගයක් කිසිම වෙලාවක භාරදුන්නෙ නෑ. කොල්ලුපිටියෙ පොලිස් නිලධාරින් ඒ පාගමන ආරම්භයෙ දිට අවසානය දක්වා එවැනි නියෝගයක් භාරදුන්නෙ නෑ. හැබැයි අධිකරණයෙදි කිව්වෙ අධිකරණ නියෝගය කඩ කළා කියලා. ඒ නිසා මේ යන විදිය හරි පැහැදිලියි, මේ යන්නෙ තිරිසන් විදියට පහර දීලා ඔලු පලලා ඒ ජීවිත මතින් නව ලිබරල් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයන්නයි ආණ්ඩුව සූදානම් වෙන්නෙ. දැන් අපි අහන්නෙ ආණ්ඩුව තුළ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන ලිබරල්වාදීන් කියල කියාගන්න අය මේ ගැන දරන අදහස දැනගන්න. ආණ්ඩුවෙ ඉන්නවනෙ හර්ෂ ද සිල්වා වගේ අය, එරාන් වික්‍රමරත්නලා එතකොට ජනාධිපතිවරයා සමීපයෙ ඉන්න ශිරාල් ලක්තිලක වගේ අය මොකද කියන්නෙ කියලා අහන්න අපි කැමතියි. ඒ වගේම හොරු අල්ලනවා කියලා බලයට ආව ආණ්ඩුවක රජයේ නීතිඥවරයා හොරුන්ට ඇප දෙනවට විරුද්ධ නොවී මහජන දේපළ වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය වැනි මහජනතාවගේ අයිතිවාසිකම් කප්පාදුකරන එකට විරුද්ධව උද්ඝෝෂණය කරන අයට ඇප දෙනවට විරුද්ධ වීම ගැන ඔවුන් දරණ අදහස දැනගන්නත් අපි කැමතියි..
විවිධ දේශපාලන අදහස් දරණ. වෘත්තිය සමිති, ශිෂ්‍ය සංවිධාන සහ වෙනත් බහුජන සංවිධාන නියෝජනය කරන පිරිසක් මෙතන ඉන්නෙ. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව සැලකිලිමත් වෙන්න කියලා. මොකද මේ අරගලය තමන්ගෙ හුදු ඉල්ලීමකට වඩා ජනතාවගෙ අයිතිවාසිකම් වෙනුනේ ගෙනයන අරගලයක්. මේ විදියට සාමාන්‍ය නීතියට පටහැනි ලෙස පහරදිම් කරන, විරෝධය දක්වනවුන්ගෙ ඔලු පළන සහ නීතිය තිරශ්චීන ලෙස තමන්ගෙ දේශපාලන අරමුණු වෙනුවෙන් නිරුවතින් ක්‍රියාවේ යොදවන මේ තත්වය පිළිබද සැළකිලිමත්වන ලෙසත් බැරෑරුම් ලෙස කල්පනා කරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා. අපි බලකර සිටිනවා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අත්අඩංගුවට ගත් ශිෂ්‍ය නායකයන් වහා නිදහස් කරන්න, උද්ඝෝෂණ කරන්න එපා කියලා ඇප කොන්දේසි පැනවීම වහාම නවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අධ්‍යාපන අයිතින් ආරක්ෂා කරන්න කවුද උද්ඝෝෂණ කරන්නෙ? ශිෂ්‍යෙයා තමයි අධ්‍යපන අයිතිය වෙනුවෙන් කවදත් උද්ඝෝෂණ කළේ. ඒ නිසා ශිෂ්‍ය නායකයන්ට උද්ඝෝෂණ කරන්න එපා කියලා ඇප කොන්දේසි දාන්න බෑ. එහෙම ඇප කොන්දේසි දාන එක වැරදියි. උද්ඝෝෂණය කියන්නෙ විරෝධය දක්වන අයිතිය, ඒක කරන්න එා කියලා ඇප කොන්දේසි දාන්නෙ කොහොමද? ඒ ගොල්ලා හදපු ව්‍යවවස්ථාවෙ තියෙනවා උද්ඝෝෂණය කරන්න අයිතියක් තියෙනවා කියලා. පහුගිය කාලයෙ ටෙලිකොම් මෑන්පවර් කම්කරුවො උද්ඝෝෂණ කරද්දි ඒකට වාරණ නියෝග 16ක් නිකුත් කළා. එතකොට ඒ කම්කරුවන්ගෙ වාරණ නිකුත් කළාම ඔවුන්ගෙ අයිතිවාසිකම් සේවා අයිතින් ආරක්ෂා කරන්නෙ කවුද? ඒ නිසා උද්ඝෝෂණය කරන්න එපා කියලා නිකුත්කරන කිසිදු වාරණ නියෝගයක් නීත්ය්නුකූල ලෙස අපි භාරගන්නෙ නෑ. අපි විශ්වාස කරනවා තමන් දරණ මතයක් වෙනුවෙන් ප්‍රචාරය කිරීමේ උද්ඝෝෂණය සහ පෙනී සිටීමේ ශුද්ධ වූ අයිතියක් සමාජ බලවේගවලට තියෙන බව. ඒ නිසා අපි ඒ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා. යකඩ පොලුවලින් ගහන්න, බැරිකේඩවලට ළංවන්න කළින් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්න හෝ අතුරු පාරල් දිගේ පන්න පන්න ශිෂ්‍යයන්ට හා මව්පියන්ට පහරදෙන්න ඒ විතරක් නෙවෙයි තමන්ගෙ දරුවන්ට පහරදෙන්න එපා කියපු මව්පියන් අත්අඩංගුවට ගන්න කටයුතු කර තිබෙනවා. මේ තත්වය දිගටම යන්න ගියොත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් බරපතළ ලෙස උල්ලංඝනය කෙරෙනවා. ඒ සම්බන්ධව සබුද්ධික ලෙස ක්‍රියාකරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. “