Posted on 10.10.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් අර්බුදය පිළිබද ආණ්ඩුව විසින් කිසිදු විසදුමක් ලබා නොදී කල් මැරීමත් වෛද්‍ය පීඨ ආචාර්යවරුන් විසින් එය විසදිය හැකි මග පෙන්වා දී තිබියදීත් ආණ්ඩුව අක්‍රියව සිටීමත් නිසා සටන් මග ඉදිරියට යන්නට සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය කටයුතු කරමින් සිටී.
මේ සදහා අද දින(10) කොළඹ නගරයේ සංවිධානය කෙරෙන විරෝධතා පාගමනින් සයිටම් විරෝධී අරගලයේ නව පියවරක් ඉදිරියට ගැනීමට එම ව්‍යාපාරය සූදානම් වේ. සයිටම් ආයතනය විසින් වෛද්‍ය උපාධිය විකිනීම පිළිබද ශිෂ්‍ය ව්‍යාපාරය වසර ගණනාවක් ගෙන ගිය අරගලය තුළ ආණ්ඩුව කිසිදු විසදුමක් හෝ සාකච්ඡාවක් පවා නොදී කටයුතු කලේ රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම මර්දනයෙන් පිළිතුරු දෙමිනි. සයිටම් විරෝධී අරගලයේ සහායට එක් වූ දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ වෙනත් බහුජන ව්‍යාපාර එක් කරගනිමින් සෞඛ්‍ය සේවයත් වෙළදපළකරණය කරමින් ආණ්ඩුව ගෙනයන ප්‍රතිපත්තිය පරාජය කිරිමට පුලුල් අරගලයක් අවශ්‍ය විය. ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුව විසින් කැදවූ සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය බිහි කෙරුනේ 2016 ජූලි මාසයේය. ආණ්ඩුව විසින් තවදුරටත් සයිටම් අර්බුදය පිළිබද නිහඩව සිටීම පිළිබද විරෝධය එක් කරමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාමාර්ග සටන්කාමී තත්වයට ගෙන එන්නට සැලසුම් කර ඇති බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කෙරිණී.