Posted on 08.15.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් විරෝධී සටන යනු සමසමාජ ව්‍යාපාරයේ සිට පැමිනි දේශපාලනයේ තමන් නිරතවන අවසන් සටන බව වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසයි.
අද (15) නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේ පැවැති සයිටම් විරෝධී සිසු ජන සමුළුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. සයිටම් ආයතනයේ දරුවන් දහසක් පමණ ඉන්නා බවත් වෛද්‍ය පීඨවල අටදහසක් පමණ සයිටම් විරෝධී අරගලයේ නිරත වෙමින් අධ්‍යාපන කටයුතු වර්ජනය කරමින් සටනක යෙදී සිටින බවත් මහාචාර්යවරයා කියා සිටියේය. රුපියල් කෝටි ගණනක් වැය කළ හැකි පිරිසක් වෙනුවෙන් වෛද්‍ය ශිෂ්‍යයන්ගේ අධයාපනය කඩාකප්පල් කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පැවසූ මහාචාර්ය ෆොන්සේකා මෙම සටන ජයග්‍රහණයෙන් මිස අවසාන නොවනු ඇති බව පැවසීය. ඒ සමගම මෙය තමන්ගේ අවසන් සටන බවද වෛද්‍ය සභාවේ හිටපු සභාපති වරයා අවධාරණය කළේය.