தமிழ்
English
Contact
Friday 4th August 2017    
සිසු-ජන ව්‍යාපාරයෙන් දින පහක සයිටම් විරෝධී පාගමනක්! « Lanka Views | Views of the truth

සිසු-ජන ව්‍යාපාරයෙන් දින පහක සයිටම් විරෝධී පාගමනක්!




මාළඹේ සයිටම් ආයතනය අහෝසි කිරීමට බලකරමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ මූලිකත්වයෙන් නුවර සිට කොළඹ දක්වා දිනපහක පාගමනක් සංවිධානය කර තිබේ.

ජූලි 31 සිට අගෝස්තු 04 දක්වා පැවැත්වෙන මෙම විරෝධතා පාගමනට ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ඇති බව එම ව්‍යාපාරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කළ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි. එ් අනුව විරෝධතා පාගමනේ ප්‍රධාන ඉල්ලීම් මෙසේය.

■ මර්දනය නවතනු, මාළඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු.
■ විශ්‍රාම වැටුප් කප්පාදුව නවතනු.
■ රාජ්‍ය ආයතන විකිණීම නවතනු.
■ ශ්‍රම කොල්ලය තීව්‍ර කරන ඉන්දු – ලංකා වෙළඳ ගිවිසුම එපා.

මෙම පාගමන හෙට (31) වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උදෑසන 10. 00ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්  එම පාගමනට වෘත්තීය සමිති, කලාකරුවන්, විශ්වවිද්‍යාල හා වෛද්‍යපීඨ ආචාර්යයවරුන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් සම්බන්ධ වීමට නියමිත බවත් සංවිධායකයෝ ප්‍රකාශ කරති.