Posted on 08.02.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරයේ පාගමන අගෝස්තු 4වැනිදා පෑලියගොඩින් කොළඹ නගරසීමාවට ඇතුළුවීම තහනම් කරන ලෙස පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර විසින් අද(2) ප්‍රතික්ෂේප කරණ ලදී.
පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මහජන සාමය කඩවන සහ මහජනයාගේ දෛනික කටයුතුවලට බාධාවන පරිදි මෙම පෙළපාළිය පෑලියගොඩ ප්‍රදේශයෙන් කොළඹට ඇතුළුවීම වළක්වන නියෝගයක් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන පනතේ 106(01) වගන්ති ප්‍රකාරව ලබා දෙන ලෙසයි. එහිදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, මහජන සාමය කඩවන පරිද්දෙන් උද්ඝෝෂකයන් කටයුතු කළහොත් අපරාධ නඩු විධාන පනතේ 95(1) වගන්තිය අනුව කටයුතු කරන ලෙස පොලිසියට නිර්දේශ කළාය.