Posted on 08.03.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මුදලට වෛද්‍ය උපාධිය දෙන මාලඹේ සයිටම් සයිටම් ආයතනය අහෝසි කිරීමට බලකරමින් ‘සයිටම් විරෝධී සිසිජන ව්‍යාපාරය‘ ජූලි 31 පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කළ විරෝධතා පාගමනේ දෙවැනි දිනය වූ අගෝස්තු 02 වැනිදා පාගමන නිට්ටඹුව නගරය දක්වා පැමිණියේය.
සයිටම් අහෝසි කරනු, විශ්‍රාම වැටුප් කප්පාදුව නවතනු. රාජ්‍ය ආයතන විකිණීම නවතනු, ශ්‍රම කොල්ලය තීව්‍ර කරන එට්කා එපා, පාසල තුල මුදල් අයකිරීම නවතනු, සරසවි බඳවා ගැනීම් ඉහල දමනු යන ඉල්ලීම් වෙනුවෙන් මෙම පාගමන සංවිධානය කර ඇත. වීදිනාට්‍ය කණ්ඩායමක ජනතා දැනුවත්කිරීමක් පෙරටුකොට ගෙන ඉදිරියට ඇදුන පාගමන කොළඹ නුවර මාර්ගය දෙපස රැස් වූ අවධානයට ලක් විය. මෙම විරෝධතා පාගමන සදහා විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය, වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ඇතුළු දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වූහ. මග දෙපස ජනතාව විසින් පාගමනේ විරෝධතාකරුවන්ට සංග්‍රහ කිරිම් දක්නට ලැබිණී.
දෙවැනි දිනය අවසානයේ නිට්ටඹුව නගරයේ පැවැති රැලියකින් පසුව පසුදින ආරම්භ කෙරෙන තුරු පාගමන තාවකාලික විරාමයක් තැබීය.
