தமிழ்
English
Contact
Sunday 8th October 2017    
අ.වි.ශි.බ.ම. හා අ.වි.භි.බ.ම. කැදවුම්කරුවන්ට ඇප නොලැබේ « Lanka Views | Views of the truth

අ.වි.ශි.බ.ම. හා අ.වි.භි.බ.ම. කැදවුම්කරුවන්ට ඇප නොලැබේ



සයිටම් විරෝධි පෙළපාලියකින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වීමෙන් පසවු රුපියල් ලක්ෂ 08 පමණ අලාභ හානි කළැයි පොදු දේපල පනත යටතේ චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනෙකු ඇප මත මුදා හැරිමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

ඔවුන් තිදෙනා රු. දසදහස බැගින් වු මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් තිදෙනෙකු සහිත ශරිර ඇප මත මෙලෙස මුදා හැර ඇත. නමුත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි ඉදිරිපත් කළ ඇප ඉල්ලීම 08 වැනිදා සළකා බලන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ.