Posted on 08.22.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අද ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කැදවන ලදී.
මෙම රැස්වීමේ අරමුණ ලෙස සදහන් වූයේ යෝජිත 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මතය පිළිබද සාකච්ඡා කිරීමය. කෙසේවෙතත් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ඉවවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරනය හා එය ඉටු කිරීමට ජනාධිපතිවරයා විසින් සිදුකරන්නට සිදුව තිබීම පිළිබද මාතෘකාවද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇතැයි දැනගන්නට ඇත.