தமிழ்
English
Contact
Tuesday 29th August 2017    
වෛද්‍ය සංගම් සාකච්ඡාවෙන් විසදුමක් නෑ – සයිටම් ගැන රජයේ ස්ථාවරය සදුදා කියනවලු! « Lanka Views | Views of the truth

වෛද්‍ය සංගම් සාකච්ඡාවෙන් විසදුමක් නෑ – සයිටම් ගැන රජයේ ස්ථාවරය සදුදා කියනවලු!



සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවද විසදුමකින් තොරව අවසන්ව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා, නීතිපතිවරයා, වෛද්‍ය සභාවේ නියෝජිතයන් හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටි මෙම සාකච්ඡාවෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ සඳුදා දිනයේ සයිටම් සම්බන්ධයෙන් යම් තීරණයක් ලැබෙනු ඇති බවය. සයිටම් ආයතනයෙන් ලබා දෙන පුහුණුව සහ උපාධිය රජයට පිළිගත නොහැකි බවට වන ස්ථාවරය නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වනු ඇති බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව වෛද්‍ය අලුත්ගේ ජනමාධ්‍යෙව්දින් හමුවේ කියා සිටියේය. එසේම එම ස්ථාවරය ලිඛිතව ප්‍රකාශයට පත් කිරීම සදුදා දිනයේ සිදුකරන බව ජනාධිපතිවරයා දන්වා සිටි බවද ඔහු ප්‍රකාශ කළේය.

මීට පෙර අවස්ථා කිහිපයකදී රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සමග කළ සාකච්ඡාවලින් පසුව වෛද්‍ය සංගමය ප්‍රකාශ කළ අදහසට පරස්පර ප්‍රකාශයන් සෞඛ්‍ය ඇමතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රසිද්ධියට පත් කරන ලදී. ඒ අනුව, මෙවර සාකච්ඡාව පිළිබද ප්‍රකාශය සදුදා දුනයේ ප්‍රසිද්ධියට පත් කරන තුරු බලා සිටින බව වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කරණ ලදී.