Posted on 08.22.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ අද(22) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ජනපතිගේ වැඩපිළිවෙළට සහාය පළ කළේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ජයන්ත මාරසිංහ අද පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමුවූ අතර රටට අවශ්‍ය දේශපාලනය කිරීමට හා රටට අවශ්‍ය සංවර්ධනය ඇතිකිරීමට ජනාධිපතිවරයා විශාල වැඩකොටසක් සිදුකරන බව ඔහු ජනමාධ්‍ය හමුවේ කීය.
ශ්‍රිල.නි.ප. 66වැනි සංවත්සරය එළඹෙමින් තිබියදී මහින්ද මෛත්‍රි බල අරගලය යලි ඉස්මතුවෙමින් පවතින අතර පක්ෂයේ නියම සභාපතිවරයා තමන් බව හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පසුගියදා ප්‍රකාශ කර තිබිණී.